Wednesday, August 8, 2012

ඔබටයි මේ ආරාධනා.............







        බ්ලොග් ලෝකයේ එහා මෙහා සැරිසරන  යාළුවනේ                                
                     මෙන්න ඔබට පුංචි ආරාධනාවක්........

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හුස්ම ගන්නවත් බැරි වෙලාවක අපේ මිහිරි මතකයන් කාලයත් සමග අමතක වීගෙන යන මොහොතක ඒවා නැවත ආවර්ජනය කරලා ටිකක් හිනා වුනොත් හොද නැද්ද?..

ඒක තේමාවක් තෝරාගෙන එකේ මිහිරි අත්දැකීම් කෙටියෙන් හෝ කථා කරන්න.............

හැමෝගෙම සොදුරු මතකයන් ටිකක් එකතු වුනොත් මගේ මේ වෑයම සාර්ථක වේවි.
අපේ දුක වගේම අපේ සතුටත් අපි බෙදාගමු.වැඩේට කැමැති යාලුවෝ මාත් එක්ක සෙට් වෙන්න.
අපි බෙදාගමු අපේ අත්දැකීම් ..........................ඔබේ අත්දැකීම් Comments  වලට එකතු කරන්න.....
එහෙම නැත්නම් ඔයාලගේ බ්ලොග් එකේ ලියල   Link    ඒක දාන්න.........
එහෙනම් ඔන්න මමම පටන් ගත්ත.මෙතනින් පටන් ගත්තොත් හොදයි කියල හිතුන.....



1......... පාසැල් දිවියේ සොදුරුම අත්දැකීම.............







මෙන්න මගේ ලෝකේ........

කියල වැඩක් නෑ......
මමනම් ටිකක් දඟයි ඒ කලේ.ටිකක් කීවට ටිකකට වඩා ටිකක්....ඒ කලේ නම් සමහර දේවල් ටිකක් අමිහිරි වුනාට දැන්නම් ඒවා මතක කරනකොට මාර සුන්දරයි.
ලියනවනම් මම හිතන්නේ මට පොතක් ලියන්න පුළුවන් වෙයි.

මම ඉස්සර ඉතින් ක්‍රීඩාවේ ම තමයි.ඒක නිසා පාසලෙත් ටිකක් ජනප්‍රියයි .හරියටම මට O/L වලට මාස 6 තිබුනේ.කොහොමහරි ඉතින් ඔය කාලේ , විසේ වැඩිම කාලෙනේ.කොහොම හරි ඉතිං මටත් විදපි මල්සරා.
අපේ පාසැල පිරිමි විතරයි .ඉතිං කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක පොර....
ඔන්න ලැබුන මට ෆස්ට් ලව් ලෙටර් ඒක. අයෙ ඉතිං මොනාද. ...ඕක බලන්න පන්තියේ හැමෝම පොරකනවා.හැමෝගෙම අතින් අතට මේක යනවා.කොහොම හරි පන්තියේ උගන්නද්දීත් කොල්ලෝ ඕක කියවනවා. ඔන්න ඉංග්‍රීසි සර්ට යාලුවෙක් ඒක කියවද්දී මාට්ටු.කරුවෙට ලිව්මත් ඉංග්‍රීසියෙන්. දැන් මගේ කකුල් වෙව්ලනවා දඩ දඩ ගාල. යාලුවගෙන් ඇහුව කාගේද ලිව්ම කියල .එකත් වෙව්ලනවා.ඒක මගේ දිහා බලල බිම බලාගෙන හිටිය.ඊටපස්සේ ඉතිං අපේ සර් හොදට ලිව්ම කියවල ගුලිකරලා අරූගෙ කටේ ඔබපි.
ඊටපස්සේ කීව දැන් ඕක කාපිය කියල.මේකෙත් මේක හප හප හිටිය .ඇන්න  ටොක්කක් යාලුවට..... මම හිතුවේ ඌට ....    උනා  කියලා.
ඊට පස්සේ ඒක ලිව්ම එලියට අරගෙන හෝදලා හෝදලා මට දුන්න.. ලිව්මේ බාගයක් නැ...
අයියෝ සල්ලි.......
කොහොමහරි ඉතිං ඔය බගේත් හැමෝගෙම අතට මරු වෙනවා.අන්තිමේදී කොහෙද නතර  උනේ.....
කෙල්ලගේ අයියගේ අතේ...
ඒක මට වඩා අව්රුද්දක් වැඩි පන්තියේ 12.අපේම ඉස්කෝලේ.......
මොනාද ඉතිං ඊට පස්සේ ගුටි වරුසාවයි.....
මාත් ඉතිං ඇරියේ නෑ.මොකද ඉතිං අපිටත් උනනේ .මගේ යාළුවොත් ඔන්න ගොරියේ.වලිය ලොකුවටම ගියා.අන්තිමට මගේ යාළුවා තුන්දෙනෙක් එක්ක අපි විදුහල්පති ළග.
හතර දෙනාගේම අම්මල එක්ක එන්න කීව  පහුවදාට.
මම ඉතින් බොහොම අමාරුවෙන් අපේ තාත්තව පහුවදා එක්කගෙන ගියා.
මොනාද ඉතිං කකුල් දෙක මෙඩිලින්.....
ගියගමන්ම කියපි මේකව මේඉස්කෝලේ තියාගන්න බැහැ .මාස තුනක් ඇතුලත ඉස්කෝලෙන් අස් කරගන්න කියලා. ...
අනේ ඉතිං අපේ තාත්ත ...........
හඃ
එයත් ගේම අතාරියේ නෑ....
මට එතනින් එලියට යන්න කීව . කොහොමහරි සද්දෙට කතාව ගිය..
මොකද එයත් විදුහල්පති කෙනෙක්නෙ...
අන්තිමට මාව මාස 6 ක් ඉස්කෝලේ පැත්තේ එවන්න එපා කියන එකනම් මට යස අපූරුවට ඇහුන.
තාත්ත එලියට ඇවිත් දුන්න කම්මුල් පාර....... මතක් වෙනකොට දැනුත් කම්මුල ඉබේටම අතගවෙනවා.......

අයියෝ සල්ලි............


ඔන්න ඉතිං එකක්.  




4 comments:

  1. අපි නම් එහෙම දඟ නෑ....
    අපි හොඳ හැදිච්ච ගෑනු ළමයි නෙව..

    ReplyDelete
  2. අනේ.......දුක හිතෙනවා..
    මට දරුකමට හදාගන්න හිතෙනවා...හිහිහ්....
    තැන්කූ............ආවට මේ පැත්තේ....

    ReplyDelete
  3. හික්ස්...මෙයාත් මාර වැඩ නේ කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. http://redsolitaryworld.blogspot.com/
      http://redssolitaryworld.blogspot.com/
      බ්ලොග් ලින්ක් එක දාන්න කියලා කිව්ව නිසා ඔන්න මගේ බ්ලොග් දෙකේම ලින්ක්ස් දැම්මා.. මෙහෙම ෆ්‍රී ඇඩ්වර්ටයිස් කරගන්න චාන්ස් හම්බු වෙන්නෙත් නැනේ.. හිහි.. ඒ පැත්තේත් එන්නකෝ ඔයා එහෙනම්.. :D

      Delete