Monday, August 6, 2012

සමුගන්න අවසරයි නුඹට.......





අපි ආදරේ කරපු විදියට හිතුවේ නෑ අපිට මෙහෙම වෙන් වෙන්න සිදුවේවි කියල..එයා දන්නවා මං එයට කොච්චර ආදරේද කියල.මම එයාට ආදරේ කලේ මලක් බලාගන්නවා වගේ.හරිම ආදරෙන්.....

මගේ හැම හීනෙකම හිටියේ එයා ..........
ඇස් දෙක පියාගත්තම ඇස පිල්ලමේත් එයා......
හරිම සුන්දරයි ........

සමහර විට මම එයාට කරපු ආදරේ එයාට  වදයක් වෙන්න ඇති.එයා හිතන්න ඇති මම එයාගේ නිදහස නැති කරා කියල.   "නෑ කෙල්ලේ මම එහෙම කරේ ඔයාට ගොඩාක් ආදරේ කරපු නිසා"     කියල මං අද කීවට වැඩක් නැති ගානට අද එයා මගෙන් ඈත් වෙලා ......
එයාගේ හිනාව අවංක වුනත් සමහරුන්ට ඒක පාරාදීසයක්‌ වෙන නිසයි එහෙම මට එයාගේ නිදහසට තහංචි දාන්න  වුනේ...

එයා එක්ක රණ්ඩු වුනේ සැක කරේ එයාට  තියෙන ආදරේට කියන ඒක
                                                                                එයාට තේරෙන්නේ නැතිව ඇති......
මට එයාව එපානම් එයාට ආදරේ නැත්නම් මම එයාට ඕනේ තරම් නිදහස දීල
මගෙන ඈත් වෙන්න මමම පාර හදල දෙනවා කියන ඒක
                                                                                එයාට තේරුනේ නැතිව ඇති........

හ්ම්ම් ........
උත්සාහ කළා මම නැවත ගොඩනගන්න අපේ ලෝකය...
ආදරේ නැති හදවතක් පිටුපස හඬ හඬා ගව් ගානක් දුවගෙන ගියා.කඳුළු පුරෝගෙන අපේ ආදරේ අතීත මතකයේ අතරමං වුණු වාර අනන්තයි.ඒත් දැන් ඉතිරි වෙලා තියෙන්නේ අපේ අතීත මතක සටහන් විතරයි.

වේදනාවෙන් ලය පැලී ගියත්   එයාගේ  නිදහසට එයාට  ලැබේවි.....
මගෙන් වෙන් වෙලා කොහේ හිටියත්        දෙවියෝ එයාව ආරක්ෂා කරාවි. ......
දිනක මා මළ දිනක එයා  ඇවිත් සුදු මල් මිටක් තියල,
               මගේ සිරුරට පස් මිටක් දැම්මොත් මට එය  සදා සැනසීමක් වේවි..........

      සමු අරන් නුඹ යන්න මගේ ලෝකයෙන්...

"""කොහේ හිටියත් ඔයා සතුටින් ඉන්න රත්තරන්"""
         
                     ආදරේ නාමයෙන් මට කිව හැක්කේ එපමණයි......



                                 දෙකම්මුල් මගේ පෙගී පෙගී            විත්
                                 කඳුළු ගංගා ගල ගලා                       විත්
                                 සියොලඟම මගේ කිළිපොලා           විත්
                                      අඳුර මගේ ලොව රජ කරනු              විත්.....






අකුණු ගැසුවත් අසුනේ නෑ      මට
විදිලි කෙටුවත් පෙනුනේ නෑ    මට
වැස්සේ තෙමුනත් දැනුනේ නෑ මට
අහිමි වුණු මොහොතේදී නුඹ   මට ....








 කඳුළු බිඳු මම සගව                ගන්නම්
  සිනා සී සැම විට                   සිටින්නම්
  නුඹේ ලෝකය සපල වේ               නම්
       ඈත සිට මම සුභ                  පතන්නම් ....



                  මගේ ලෝකය අහිමි වූවද මම නුඹට සුභ පතන්නම්  !!!!!!!!!



3 comments:

  1. ම්ම්ම්..මෙහෙම දෙයක් තියෙනවා.. අපිට රටේ ලෝකේ ඉන්න මිනිස්සු අපි ආදරය කරන දිහා බලන එක නවත්තන්න බැ.. දෙන්නා හරියට දෙන්නාව තේරුම් ගන්න ඕනේ.. තහංචි දාන එක ආදරේ හින්දා වුනත් මම අනුමත කරන්නේ නැ.. නිදහස්ව ඉපදුනු අය මැරෙන තෙක් නිදහස්ව ඉන්න ඕනේ.. ආදරේ කරනවා කියලා නීතී වලට යටත් විය යුතු නැ.. ඒත් කවුරු හරි කැමැත්තෙන් ඒවාට යටත් වෙනවා නම් එතනදි අනිත් අයට අවුලකුත් නැ.. ගොඩාක් වෙලාවට තහංචි නිසා තමයි ආදරය අපිව දාලා යන්නේ.. කාව වත් හිර කරන්න බැ..
    මගේ අදහස විතරයි සහෝ.. ලස්සන නිර්මාණයක්..
    ජය වේවා.. :)

    ReplyDelete
  2. ඔයා හරි..ඒත් තමා දෙයක් කැප කරනකොට ඒ වගේ කැප කිරීමක් අනෙකාගෙන් නැති වෙනකොට...එයාව පාලනේ කරගන්න වෙනවා නේද.. නැත්නම් දෙන්නම නිදහස බුක්ති විදින්න ඕනේ.දෙන්නම හිතුමතේ නිදහස බුක්ති වින්දොත් ආදරේ ඒ දෙන්න අතර විතරක් තියේවිද?....

    තැන්ක්යූ යාළු....

    ReplyDelete
  3. නෑ යාළු ඔයාට නම් කියපු දේ තේරුනේ නැ.. අපිට ආදරේ පාලනය කරලා තියාගන්න බැ.. ඇත්තටම ආදරේ මන් අපි එකිනෙකාට ගරු කරන්න ඕනේ.. එයා ඔයාගේ තීරණයට ගරු කරන්න ඕනේ.. ඔයා එයාගේ තීරණයට ගරු කරන්න ඕනේ..ඒත් පාලනය කරන්න ගියාම ඒ ගරු කරන එක නැති වෙනවා..ආදරේ කියන්නේ හිර ගෙයක් නෙවෙයි.. කැදැල්ලක කරන්නයි ඕනේ.. :)

    ReplyDelete