Monday, December 10, 2012

දුක හිතුනු කවියක්.......

හදට දැනිච්ච ලස්සනම කවියක්... කියවද්දී කෑගහල අඩන්න හිතුන නිසා මගේ බ්ලොග් එකට එන යාලුවන්ටත් බලන්න මගේ බ්ලොග් එකේ දාන්න  හිතුන.."    කදුළු ගංතෙර  "   ඔබ මාව හඬවපු නිසයි මේ....








Sunday, November 11, 2012

අවසන් කවියයි මේ.......






ජීවිතේ කියන්නේ මහා අමුතුම එකක්...වරින් වර අපට පාඩම කියල දෙන පාඩම පොතක් වගේ.......හැබැයි ඒ හැම දෙකින්ම හොදක් වෙනවා කියල හිතාගත්තම අපිට ඒ දේවල් විදින්න ශක්තිය ලැබෙනවා...සතුට දුක වේදනාව හැමදේම  මේ ලෝකේ වගේම තමයි......හැමදේම අස්තිරයි....ඉතින් මේකේ කොහෙද අපිට ස්ථිර ආලයක්.....





එදා දුටු ඒ සිහින සිතුවම් සමු අරන් මගේ   මතකයෙන්....
ඇවිද ගිය ඒ සේද මාවතේ නිම තෙමී ඇත    මීවිතෙන්.....
කඳුළු ගංගා සුසුම් පොදිකොට සැදු ඔරුවක පාවෙමින්....
නුඹේ පැතුමට සුභ පතා මා පැදව යමි නුඹේ  ජීවිතෙන්..........


මෙමට හිමි නැති නුඹේ හසරැල් ඔහුට හසරැල් ගෙනේවා.....
මට අහිමි වුනු ඔහු දිනුව ලොව නුඹව රැජිණිය  කෙරේවා....
ජීවිතේ මතු කිසිම දවසක නුඹට කඳුලක්          නොවේව....
ස්වාප්නෙකින්වත් නුඹ මගේ වී මතු සසරේ යලි නොඑවා.........



මට හිතෙන්න අපි ගොඩක් ආදරේ කරපු අය අපිව දාල ගියාම තණ්හාව නිසයි දුක දැනෙන්නේ කියල.මොකද අපි හැමවිටම අපිත් එක්ක අනිත් කෙනාව සසදනවා.මට වඩා එයත් එක්ක හොදින් ඉදීවිද කියල..එහෙම නැත්නම් මට වඩා හොදට ඒ කෙනා සලකන නිසා මගේ අඩුපාඩු පෙනෙයිද කියල... .... ඒ වගේම ඉර්ෂ්‍ය කරනවා..මාට ලැබුණු දේවල් ඒ කෙනාට ලැබෙයිද..එහෙම නැත්නම් ඒ කෙනා යා  එක්ක සතුටින් ඉදීවිද කියල...මම දුක වෙනකොට එයාල සතුටු වෙනවා කියල.... එහෙමත් නැත්නම් මට අයෙ එය වගේ කෙනෙක් නොලැබේවි කියල..හ්ම්ම්ම්ම් මේක තමයි මේ පුදුම ලෝකේ හැටි....
මට හිතෙන්නේ ඔය හේතු නිසා තමයි අපි මේ පන වගේ ආදරේ කරපු අයට ජීවිත කළෙම වෛර කරන්නේ කියල..

මටත් දැනුන වේදනාව..අවුරුදු 6 ක ආදරේ නැතිවුණා දවසේ..කෑ ගහල අඩුව දවස්ගනන්..නින්ද..මලාට නින්ද යන්නේ නැති වුනා..දකින දකින හැම තැනම එයා ඉන්නවා පේනවා..මම අන්තිමේ හිතුවේ මට පිස්සු හැදිලා කියල..කිසි කෙනෙක් එක්ක කතා කරන්න බෑ කේන්ති යනවා..රස්සාවට යන්නේ නැතිව ඉදල රස්සාව නැති වුන ..අතේ සතේ නැතිව හිගන්නෙක් වුනා.. අපේ හිත හරි අහිංසකයි..වේදනාව විදින බෑ...හැමවෙලේම ආයෙ එයා එයි කියල බලාගෙන ඉන්නවා..අඩුගානේ ෆෝන් එකට කෝල් එකක්...අන්තිමේදී අපි අපේ හිත රවට්ටගන්නවා මේ ආත්මේ නොලැබුන ඔයාව ඊලග ආත්මේ හරි ලබා ගන්නවා කියල..හ්ම්ම්ම්...
අනේ මන්ද මාත් එහෙම හිතුව...අන්තිමේදී වේදනාව විදලා විදලා වේදනාවටම ඇති වෙලාද කොහේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැතිව ගියා... කවදාවත් කවියක් ලියපු නැති මට දුකට කවි ලියවුනා...රේඩියෝ එක දැම්මත් , ටීවී එක දැම්මත් මුන් මටමයි සින්දු කියන්නේ...හිහිහ්...... මට හිතුන පලිගන්න..ගිහින් මරල දාන්නත් හිතුන වරා අනන්තයි....මූණු පොතේ වෙනම පිටුවක් දන්නා හිතුන අපේ පින්තුර දාල හැමෝටම පෙන්න..මොකද අවුරුදු 6 ක පින්තුර..අන්තිමේදී හිතුන කවදාවත් එයට හොදින් ජීවත් වෙන්න දෙන්නේ නෑ  කියල..කවද හරි එයාගේ ජීවිතේ අවුල් කරනවා කියල හිතුන...කවදාවත් කෙනෙක්ට හිමි කරගන්න දෙන්නේ නෑ කියල හිතුන...අන්තිමේදී හිතුන කවදාහරි මම ගොඩාක් සල්ලි හොයල එයාගේ ඉස්සරහට ගිහින් එයාව අයෙ මගේ කරගන්නවා කියලත්... හිහිහ්...

ඇත්තටම අපි ආදරේ කරේ වෛර කරන්නද?..ආදරේ කරපු කෙනාට වෛර කරන්න පුලුවන්ද? ඇයි එයාගේ සතුට එයට දෙන්න බැරි.....ඇයි අපිට ඒ සතුට දැකල සතුටු වෙන්න බැරි...ආදරේ කරපු කාලේ අපි හැමදේම කරේ එයාගේ සතුට වෙනුවෙන් නේද? ඇයි දැන් එයාගේ සතුට විදින බැරි.....මාව එයාට එපා කියල වෙන කෙනෙක්ගේ ලගට ගියේ මගෙන් සතුටක් නැති නිසා නේද?  හ්ම්ම්ම්ම්........


හදවතින් ඈත් වෙලා බුද්ධියට ඉඩ දුන්නොත් අපිට පැත්තකට වෙලා සතුටු වෙන්න පුළුවන් දැන් එය සතුටින් ඉන්නවා කියල.....එතකොට හිතට දැනෙන සැහැල්ලුව කියල නිම කරන්න බෑ...මම කරේ මට පුළුවන් විදියට එයාලට සුබ පතපු එකයි..එයාලගෙන් පුළුවන් තරම් ඈතට වෙලා සතුටින් ඉන්න එකයි ....දැන් හිත ගොඩාක් සැහැල්ලුයි..


""ඔයා වෙනුවෙන් ආයේ  කවදාවත් කවි ලියවෙන්නේ නෑ අදින පස්සේ....මගේ පැතුම ඔයාල දෙන්න හොදින් ජීවිතේට මුහුණ දෙන්න කියන එකයි..ඔයාල දෙන්නට සුභ අනාගතයක් වේවා!!!!!!"""