Friday, August 31, 2012

පුන් පො සඳ...........





සැඟවී රුදුරු
 ලෝකයෙන්......
  නිසසලේ
   හඩන්නට....
    හද කකියන
     වේදනා
      දුරුවනතුරු.....

       සිටියෙමි
        නිසල  රැයේ...
         ඝන අදුරේ
          සැගවෙන්නට.......
         

           එහෙත්.....
            එයද මට හිමි නැත....
             අද සඳ පායා ඇති
              පුන් පොහෝදිනයකි.......










Sunday, August 26, 2012

සෙනසුරු මාරුව ඔබට කොහොමද.........



















හිතුන හැමෝටම වැඩක් වෙයි කියල හිතුන වැඩක් කරන්න ............අපි මොනදේ කරත් අපි කැමතියි අපේ ග්‍රහ චක්‍රය දිහා පොඩ්ඩක් හරි දැනගන්න.මොකද අඩු ගානේ හෙට දවසේවත් අපිට යහපතක් වෙයිද කියල දැනගන්න ආස නිසා... .මොකද මිනිස්සු හැටියට අපි කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැති නිසා.ඒක නිසයි මම හිතුවේ මේ පොස්ට් ඒක දාන්න.


වසර 29 කට පසුව සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා නැවත තුලා රාශියට  2011 නොවැම්බර් 15 දින 09:26 ට පිවිසුණි.මෙම සෙනසුරු වක්‍ර වෙමින් නිවුර්ත වෙමින් කන්‍යාවට යමින් එමින් නැවතත් පසුගිය අගෝස්තු 04 දින තුලා රාශියට ඇතුළු විය. 



අංක විද්‍යාවට ඇත්තේ බොහෝ ඈතට විහිදී ගිය දීර්ඝතම වූ ඉතිහාසයකි.අංක විද්‍යාව ඈත අතීතයේ අපගේ අසල්වැසි රාජ්‍ය වන මහා භාරතයේ හින්දු රාජ සමයේ  චතුර්වේදයෙන් එක් වේදයකට අයත් මහා පඬිවරයින් අතින් බිහිවුවකි.මින් එක් අංශයක් වන දෛව අංකය මගින් මෙම  ග්‍රහ මාරුව තමාට  බලපා ඇති ආකාරය කෙසේදැයි කියා පෙන්වීමට මින් උත්සාහ  කෙරේ..තමාගේ දෛවය කොහොමද කියල දැනගන්න ඕනේ යාළුවො ,තමාගේ දෛව අංකය පහත දක්වා ඇති ආකාරයට සොයාගෙන් එම අංකය comment කරන්න .නැත්නම් vishidarsha@gmail.com වලට එවන්න ඔයාලගේ mail ලිපිනයත් සමග.

ඔයාලගේ දෛව අංකය සොයා ගන්නේ........
උපන් වර්ෂය ,මාසය හා දිනය තනි අංකයක් බවට පත්වන තෙක් එකට එකතු කරන්න.මෙම උදාහරණය අනුගමනය කරන්න.....1946 අප්‍රේල් මස 28  දින උපත ලද්දෙක්ගේ දෛව අංකය සොයන්නේ මෙසේය....

1+9+4+6+4+2+8=  34  =3+4 =7
මෙහි දෛව අංකය 07 ය.
මුල හා අග බින්දු වල වටිනාකමක් නැත. එනම් මෙහි 34 වෙනුවට 10 වුවෙනම් දෛව අංකය 01 ය .11 නම 1+1=2 .දෛව අංකය 02 ය 


හැබැයි ජීවිතේ ග්‍රහයන්ටම භාර  දීල උඩ බලාගෙන ඉන්නනම් එපා..මොකද අපේ ගොඩක් අය කරන්නේ හැමදේම උඩින් කටට වැටෙනකන් බලාගෙන ඉන්න එකනේ...ඒ වගේම තමයි  තමන්ගේ නරක ග්‍රහචාරය තමන්ගේ උත්සාහය නිසා වෙනස් කරගත්ත ගොඩක්  අය ලෝකයේ ඉන්නවා කියන එකත් මතක තියාගන්න....








හිතුන හැමෝටම වැඩක් වෙයි කියල හිතුන වැඩක් කරන්න .අපි මොනදේ කරත් අපි කැමතියි අපේ ග්‍රහ චක්‍රය දිහා පොඩ්ඩක් දැනගන්න.මොකද අඩු ගානේ හෙට දවසේවත් අපිට යහපතක් වෙයිද කියල දැනගන්න.මොකද මිනිස්සු හැටියට අපි කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැති නිසා.ඒක නිසයි මම හිතුවේ මේ පොස්ට් ඒක දාන්න.
හැබැයි ජීවිතේ ග්‍රහයන්ටම බාර  දීල උඩ බලාගෙන ඉන්නනම් එපා..මොකද අපේ ගොඩක් අය කරන්නේ හැමදේම උඩින් කටට වැටෙනකන් බලාගෙන ඉන්න එකනේ...


අංක විද්‍යාවට ඇත්තේ බොහෝ ඈතට විහිදී ගිය දීර්ඝතම වූ ඉතිහාසයකි.අංක විද්‍යාව ඈත අතීතයේ අපගේ අසල්වැසි රාජ්‍ය වන මහා භාරතයේ හින්දු රාජ සමයේ  චතුර්වේදයෙන් එක් වේදයකට අයත් මහා පඬිවරයින් අතින් බිහිවුවකි.මින් එක් අංශයක් වන දෛව අංකය මගින් තමන්ගේ ග්‍රහ මාරුව තමාට  බලපා ඇති ආකාරය කෙසේදැයි කියා පෙන්වීමට මින් උත්සාහ  කෙරේ..තමාගේ දෛව අංකය සොයාගන්නේ පහත දක්වා ඇති ආකාරයට සොයාගෙන් එම අංකය comment කරන්න .




වසර 29 කට පසුව සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා නැවත තුලා රාශියට  2011 නොවැම්බර් 15 දින 09:26 ට පිවිසුණි.මෙම සෙනසුරු වක්‍ර වෙමින් නිවුර්ත වෙමින් කන්‍යාවට යමින් එමින් නැවතත් පසුගිය අගෝස්තු 04 දින තුලා රාශියට ඇතුළු විය.

Monday, August 20, 2012

රහසේම මා මියෙන්නම්..........









සේද මීදුම් මාවතේ හද   ස්වප්නයක නෙතු               පැටලිලා 
හදෙහි ගිනි කඳු පිපිරෙමින් නෙතු  කඳුළු ලෝදිය       ගලනවා
එදා මතකයේ සිහින වැල් අද නොනිදාම නෙතු      මැවෙනවා 
දුටුව සිහිනේ එදා දවසේ  හදේ තැන තැන                  දුවනවා.........



නොසිත සිටියත් ඇයි අතීතයේ තුෂර පිණි බිඳු          ගලන්නේ
හදවතට ඇයි තට්ටු කර මේ  ඉකි බිදුම් මට          ගෙනෙන්නේ
අඳුරු රෑ නුබ කුසේ තරු වැල්  මැකී වියැලී            සැලෙන්නේ 
අඳුර කැටයම් සදා නුඹේ රුව   හඳේ ගෙත්තම්          කරන්නේ  .......




හිතේ අහුරපු එදා මතකය  වේදනාවකි                  ගෙනෙන්නේ
සිනහ කඳුළැල් එලව දමලා  දුක සුසුම් මැද                 සිටින්නේ
රැහැයියන් නෑ කෑගසන්නේ  ලොවම නිසලව          තිබෙන්නේ
ඈත මීදුම් අතර නුඹේ රුව ළඟ සිටින ලෙස           පෙනෙන්නේ .......



අතීතය නුඹ යලි යලිත් විත් කඳුළ උරුමය                   කරයිනම් 
ලොවම හිනැහෙන විටත් මගේ සිත දුකින් ගිනිගෙන දැවෙයිනම් 
සැනසුමක් නැති ලෝකයේ මා තනිව ඉකිබිඳ              හඬයිනම් 
කිසිවෙකුට නොකියාම රහසේ අන්දකාරේ              මියෙන්නම් ...........





ඔබගේ කමෙන්ටුව මගේ ඉදිරි මාවතම වේවි.............

Tuesday, August 14, 2012

නුඹේ සිනහව .............




යැදුවෙමි ආදරය නුඹෙන්..
හැඩුවෙමි කෑ ගසා ලොවම සලිත වන සේ
පුද කලෙමි ජීවිතය මිහිකත කම්පා වනසේ 
නමුත් 
ඒ කිසිත් නුඹට නොදැනුනි....


කඳුල නුඹට සිනාවක් විය
ලතැවිල්ල නුඹට සිනාවක් විය
මරණයද නුඹට සිනාවක් විය
වෙන්ව යාමද නුඹට සිනාවක්ම වන බව    
          දනිමි අද මම.............

ඇත්තේ පාළුවක්  පමණක්ම වන බවද 
          දනිමි අද මම..........



මෙවන් සිතකට කල බව ආදරේ මම
දැනෙන විට දැනෙන දුක ....වේදනාව.
අද මා අළුකොට හමාරය......
 තවත් නුඹ ඉදිරියේ කුමට මා 
කඳුළු සලන්නේද
වැලපෙන්නේද 
සුසුම් ලන්නේද
දොඩමලු වන්නේද...............

නුඹේ පාළුව මා මෙසේ වෙන්වී ගිය පසු 
තවෙකකු විසින් මකා දමන බව  නොඅනුමානයි.....
එවිට නුඹේ ඒ පාළුව වියැකී 
නුඹේ සිනාව නුඹට ලැබෙනු ඇත.....


නුඹේ සැනසුම නුඹට වේ           නම්
නුඹේ නිදහස නුඹට වේ             නම් 
නුඹේ සිනහව නුඹට වේ            නම්
      නුඹෙන් සදහට වෙන්ව       යන්නම්......

මම මගේ ජීවිත කාලයම නුඹ නැති පාලුවෙන් ජීවත් වන බව නුඹට කිසි දිනක නොදැනෙනු ඇත....



Wednesday, August 8, 2012

ඔබටයි මේ ආරාධනා.............







        බ්ලොග් ලෝකයේ එහා මෙහා සැරිසරන  යාළුවනේ                                
                     මෙන්න ඔබට පුංචි ආරාධනාවක්........

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හුස්ම ගන්නවත් බැරි වෙලාවක අපේ මිහිරි මතකයන් කාලයත් සමග අමතක වීගෙන යන මොහොතක ඒවා නැවත ආවර්ජනය කරලා ටිකක් හිනා වුනොත් හොද නැද්ද?..

ඒක තේමාවක් තෝරාගෙන එකේ මිහිරි අත්දැකීම් කෙටියෙන් හෝ කථා කරන්න.............

හැමෝගෙම සොදුරු මතකයන් ටිකක් එකතු වුනොත් මගේ මේ වෑයම සාර්ථක වේවි.
අපේ දුක වගේම අපේ සතුටත් අපි බෙදාගමු.වැඩේට කැමැති යාලුවෝ මාත් එක්ක සෙට් වෙන්න.
අපි බෙදාගමු අපේ අත්දැකීම් ..........................ඔබේ අත්දැකීම් Comments  වලට එකතු කරන්න.....
එහෙම නැත්නම් ඔයාලගේ බ්ලොග් එකේ ලියල   Link    ඒක දාන්න.........
එහෙනම් ඔන්න මමම පටන් ගත්ත.මෙතනින් පටන් ගත්තොත් හොදයි කියල හිතුන.....



1......... පාසැල් දිවියේ සොදුරුම අත්දැකීම.............







මෙන්න මගේ ලෝකේ........

කියල වැඩක් නෑ......
මමනම් ටිකක් දඟයි ඒ කලේ.ටිකක් කීවට ටිකකට වඩා ටිකක්....ඒ කලේ නම් සමහර දේවල් ටිකක් අමිහිරි වුනාට දැන්නම් ඒවා මතක කරනකොට මාර සුන්දරයි.
ලියනවනම් මම හිතන්නේ මට පොතක් ලියන්න පුළුවන් වෙයි.

මම ඉස්සර ඉතින් ක්‍රීඩාවේ ම තමයි.ඒක නිසා පාසලෙත් ටිකක් ජනප්‍රියයි .හරියටම මට O/L වලට මාස 6 තිබුනේ.කොහොමහරි ඉතින් ඔය කාලේ , විසේ වැඩිම කාලෙනේ.කොහොම හරි ඉතිං මටත් විදපි මල්සරා.
අපේ පාසැල පිරිමි විතරයි .ඉතිං කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක පොර....
ඔන්න ලැබුන මට ෆස්ට් ලව් ලෙටර් ඒක. අයෙ ඉතිං මොනාද. ...ඕක බලන්න පන්තියේ හැමෝම පොරකනවා.හැමෝගෙම අතින් අතට මේක යනවා.කොහොම හරි පන්තියේ උගන්නද්දීත් කොල්ලෝ ඕක කියවනවා. ඔන්න ඉංග්‍රීසි සර්ට යාලුවෙක් ඒක කියවද්දී මාට්ටු.කරුවෙට ලිව්මත් ඉංග්‍රීසියෙන්. දැන් මගේ කකුල් වෙව්ලනවා දඩ දඩ ගාල. යාලුවගෙන් ඇහුව කාගේද ලිව්ම කියල .එකත් වෙව්ලනවා.ඒක මගේ දිහා බලල බිම බලාගෙන හිටිය.ඊටපස්සේ ඉතිං අපේ සර් හොදට ලිව්ම කියවල ගුලිකරලා අරූගෙ කටේ ඔබපි.
ඊටපස්සේ කීව දැන් ඕක කාපිය කියල.මේකෙත් මේක හප හප හිටිය .ඇන්න  ටොක්කක් යාලුවට..... මම හිතුවේ ඌට ....    උනා  කියලා.
ඊට පස්සේ ඒක ලිව්ම එලියට අරගෙන හෝදලා හෝදලා මට දුන්න.. ලිව්මේ බාගයක් නැ...
අයියෝ සල්ලි.......
කොහොමහරි ඉතිං ඔය බගේත් හැමෝගෙම අතට මරු වෙනවා.අන්තිමේදී කොහෙද නතර  උනේ.....
කෙල්ලගේ අයියගේ අතේ...
ඒක මට වඩා අව්රුද්දක් වැඩි පන්තියේ 12.අපේම ඉස්කෝලේ.......
මොනාද ඉතිං ඊට පස්සේ ගුටි වරුසාවයි.....
මාත් ඉතිං ඇරියේ නෑ.මොකද ඉතිං අපිටත් උනනේ .මගේ යාළුවොත් ඔන්න ගොරියේ.වලිය ලොකුවටම ගියා.අන්තිමට මගේ යාළුවා තුන්දෙනෙක් එක්ක අපි විදුහල්පති ළග.
හතර දෙනාගේම අම්මල එක්ක එන්න කීව  පහුවදාට.
මම ඉතින් බොහොම අමාරුවෙන් අපේ තාත්තව පහුවදා එක්කගෙන ගියා.
මොනාද ඉතිං කකුල් දෙක මෙඩිලින්.....
ගියගමන්ම කියපි මේකව මේඉස්කෝලේ තියාගන්න බැහැ .මාස තුනක් ඇතුලත ඉස්කෝලෙන් අස් කරගන්න කියලා. ...
අනේ ඉතිං අපේ තාත්ත ...........
හඃ
එයත් ගේම අතාරියේ නෑ....
මට එතනින් එලියට යන්න කීව . කොහොමහරි සද්දෙට කතාව ගිය..
මොකද එයත් විදුහල්පති කෙනෙක්නෙ...
අන්තිමට මාව මාස 6 ක් ඉස්කෝලේ පැත්තේ එවන්න එපා කියන එකනම් මට යස අපූරුවට ඇහුන.
තාත්ත එලියට ඇවිත් දුන්න කම්මුල් පාර....... මතක් වෙනකොට දැනුත් කම්මුල ඉබේටම අතගවෙනවා.......

අයියෝ සල්ලි............


ඔන්න ඉතිං එකක්.  




Monday, August 6, 2012

සමුගන්න අවසරයි නුඹට.......





අපි ආදරේ කරපු විදියට හිතුවේ නෑ අපිට මෙහෙම වෙන් වෙන්න සිදුවේවි කියල..එයා දන්නවා මං එයට කොච්චර ආදරේද කියල.මම එයාට ආදරේ කලේ මලක් බලාගන්නවා වගේ.හරිම ආදරෙන්.....

මගේ හැම හීනෙකම හිටියේ එයා ..........
ඇස් දෙක පියාගත්තම ඇස පිල්ලමේත් එයා......
හරිම සුන්දරයි ........

සමහර විට මම එයාට කරපු ආදරේ එයාට  වදයක් වෙන්න ඇති.එයා හිතන්න ඇති මම එයාගේ නිදහස නැති කරා කියල.   "නෑ කෙල්ලේ මම එහෙම කරේ ඔයාට ගොඩාක් ආදරේ කරපු නිසා"     කියල මං අද කීවට වැඩක් නැති ගානට අද එයා මගෙන් ඈත් වෙලා ......
එයාගේ හිනාව අවංක වුනත් සමහරුන්ට ඒක පාරාදීසයක්‌ වෙන නිසයි එහෙම මට එයාගේ නිදහසට තහංචි දාන්න  වුනේ...

එයා එක්ක රණ්ඩු වුනේ සැක කරේ එයාට  තියෙන ආදරේට කියන ඒක
                                                                                එයාට තේරෙන්නේ නැතිව ඇති......
මට එයාව එපානම් එයාට ආදරේ නැත්නම් මම එයාට ඕනේ තරම් නිදහස දීල
මගෙන ඈත් වෙන්න මමම පාර හදල දෙනවා කියන ඒක
                                                                                එයාට තේරුනේ නැතිව ඇති........

හ්ම්ම් ........
උත්සාහ කළා මම නැවත ගොඩනගන්න අපේ ලෝකය...
ආදරේ නැති හදවතක් පිටුපස හඬ හඬා ගව් ගානක් දුවගෙන ගියා.කඳුළු පුරෝගෙන අපේ ආදරේ අතීත මතකයේ අතරමං වුණු වාර අනන්තයි.ඒත් දැන් ඉතිරි වෙලා තියෙන්නේ අපේ අතීත මතක සටහන් විතරයි.

වේදනාවෙන් ලය පැලී ගියත්   එයාගේ  නිදහසට එයාට  ලැබේවි.....
මගෙන් වෙන් වෙලා කොහේ හිටියත්        දෙවියෝ එයාව ආරක්ෂා කරාවි. ......
දිනක මා මළ දිනක එයා  ඇවිත් සුදු මල් මිටක් තියල,
               මගේ සිරුරට පස් මිටක් දැම්මොත් මට එය  සදා සැනසීමක් වේවි..........

      සමු අරන් නුඹ යන්න මගේ ලෝකයෙන්...

"""කොහේ හිටියත් ඔයා සතුටින් ඉන්න රත්තරන්"""
         
                     ආදරේ නාමයෙන් මට කිව හැක්කේ එපමණයි......



                                 දෙකම්මුල් මගේ පෙගී පෙගී            විත්
                                 කඳුළු ගංගා ගල ගලා                       විත්
                                 සියොලඟම මගේ කිළිපොලා           විත්
                                      අඳුර මගේ ලොව රජ කරනු              විත්.....






අකුණු ගැසුවත් අසුනේ නෑ      මට
විදිලි කෙටුවත් පෙනුනේ නෑ    මට
වැස්සේ තෙමුනත් දැනුනේ නෑ මට
අහිමි වුණු මොහොතේදී නුඹ   මට ....








 කඳුළු බිඳු මම සගව                ගන්නම්
  සිනා සී සැම විට                   සිටින්නම්
  නුඹේ ලෝකය සපල වේ               නම්
       ඈත සිට මම සුභ                  පතන්නම් ....



                  මගේ ලෝකය අහිමි වූවද මම නුඹට සුභ පතන්නම්  !!!!!!!!!