Tuesday, August 14, 2012

නුඹේ සිනහව .............




යැදුවෙමි ආදරය නුඹෙන්..
හැඩුවෙමි කෑ ගසා ලොවම සලිත වන සේ
පුද කලෙමි ජීවිතය මිහිකත කම්පා වනසේ 
නමුත් 
ඒ කිසිත් නුඹට නොදැනුනි....


කඳුල නුඹට සිනාවක් විය
ලතැවිල්ල නුඹට සිනාවක් විය
මරණයද නුඹට සිනාවක් විය
වෙන්ව යාමද නුඹට සිනාවක්ම වන බව    
          දනිමි අද මම.............

ඇත්තේ පාළුවක්  පමණක්ම වන බවද 
          දනිමි අද මම..........



මෙවන් සිතකට කල බව ආදරේ මම
දැනෙන විට දැනෙන දුක ....වේදනාව.
අද මා අළුකොට හමාරය......
 තවත් නුඹ ඉදිරියේ කුමට මා 
කඳුළු සලන්නේද
වැලපෙන්නේද 
සුසුම් ලන්නේද
දොඩමලු වන්නේද...............

නුඹේ පාළුව මා මෙසේ වෙන්වී ගිය පසු 
තවෙකකු විසින් මකා දමන බව  නොඅනුමානයි.....
එවිට නුඹේ ඒ පාළුව වියැකී 
නුඹේ සිනාව නුඹට ලැබෙනු ඇත.....


නුඹේ සැනසුම නුඹට වේ           නම්
නුඹේ නිදහස නුඹට වේ             නම් 
නුඹේ සිනහව නුඹට වේ            නම්
      නුඹෙන් සදහට වෙන්ව       යන්නම්......

මම මගේ ජීවිත කාලයම නුඹ නැති පාලුවෙන් ජීවත් වන බව නුඹට කිසි දිනක නොදැනෙනු ඇත....



6 comments:

  1. නුඹේ සැනසුම නුඹට වේ නම්
    නුඹේ නිදහස නුඹට වේ නම්
    නුඹේ සිනහව නුඹට වේ නම්
    නුඹෙන් සදහට වෙන්ව යන්නම්......

    මේ ටික නම් බොකු බඩවැල් කඩන් යන්නම වැදුනා..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඇත්ත මචං..අපි අපේ කියල හිතාගෙන ඉන්න දේවල් අපිට අයිති නෑ සමහර වෙලාවට.මට වඩා සමහර විට ඔයාට කැමති වෙන්න පුළුවන්...එහෙම නැත්නම් තවත් කෙනෙකුට....සමහර විට මගේ බ්ලොග් එකට එනවට වැඩ ආසාවෙන් ඔයාගේ බ්ලොග් එකේ ඇවිත් කමෙන්ට් කරන්න හිතෙයි....සමහර විට ජීවිතේ එපා කියල ආදරේ කරපු කෙනාගෙ කටහඩ අහනවට වඩා ඔයාගේ චැට් එකට කැමති වෙන්න පුළුවන්............
    එහෙවු ලෝකෙක ජීවත් වෙනවට වඩා හොදයි නේද මරණයට ආදරේ කරන එක.......

    තෑන්ක්යූ මචෝ මේ පැත්තේ අවට......

    ReplyDelete
  4. "සමහර විට ජීවිතේ එපා කියල ආදරේ කරපු කෙනාගෙ කටහඩ අහනවට වඩා ඔයාගේ චැට් එකට කැමති වෙන්න පුළුවන්............
    එහෙවු ලෝකෙක ජීවත් වෙනවට වඩා හොදයි නේද මරණයට ආදරේ කරන එක......."

    කතාව ඇත්තම ඇත්ත....

    ReplyDelete
  5. ඒක මම ඇත්තටමයි කීවේ යාළු.....වෙලාවකට හිතෙනවා අපි ආදරේ කරලා තියෙන්නේ මයාවකටද කියලත්...ලෝකේ තියෙන ලොකුම රැවටීම ආදරේද කියලත්....මොනවා කරන්නද ගෙවන්න තියන පවු ඉවර වෙනකන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මරණයට ආදරේ කර කර .........

    තෑන්ක්යූ මේ පැත්තේ ආවට.....

    ReplyDelete