Tuesday, July 3, 2012

ඉවසන්න පුතේ

බිත්ති ඇත ඉරි තලා
වහල ඇත හිල් වෙලා
වහින හැම වස්සෙන්ම
ගෙබිම ඇත දියවෙලා............

ගෙඩි කඩුව නුඹ පියා
ඇත ඇදේ තනි වෙලා
කන්න කෑමක් නැතිව 
බඩ පිටට ඇලවිලා.......
කිරි නුඹට දෙන්න බෑ 
තන පුඩුව සිර වෙලා
ඉවසන්න පුතේ නුඹ
දිය බිදක් මුව සලා.......
  
නුඹ පියා රැක ගන්න 
        නුඹේ බඩ පුරවන්න.....
යම් දිනක මේ ලොවේ 
       නුඹව රජ කරවන්න.... 
බැල මෙහෙය මම කරමි 
      කදුළු බිඳු සගවලා........
මව් බිමට එමි දිනක 
     සියළු දුක් ඉවසලා.....



No comments:

Post a Comment