Tuesday, July 24, 2012

වේදනාවක ඇරඹුමක්.........


















නුඹ දුටු මුල් දිනේ
මෙලෙස මා හද 
කිමද ගොළු වුනේ ...............


දනිමි සත්සුදක්සේ 
    නොමැති බව අප 
හමුව මේ බවේ .....................


නමුදු තෙපුලන වදනක් 
  සමීපයි නුඹ 
මට හැම වෙලේ ..................


කව්ද ලඳේ නුඹ පෙර බවේ 
    මගේ හද තුල 
ලැගුම් ගත්තේ මේ බවේ ............


කිසි දිනක මා හට 
    නොහැකි වේවිද 
කරනට අමතක නුඹ .................


දැනෙන්නේ බියකි හදවතට 
    මෙය තවත් 
වේදනාවක ඇරඹුමක් වේවිද....................




7 comments:

  1. හරිම ලස්සනයි යාළු! :)

    ReplyDelete
  2. අයි හේට් ලව්ස්ටෝරීස් තමා..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි යාළු.. මටත් දැන් ටික ටික එහෙම වීගෙන එනවා තමා..

      තැන්ක්යූ මේ පැත්තේ ආවට යාළු...

      Delete
  3. හ්ම්ම්.... ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණමැදිරි එළියටත් බයයිලු නේ.. ඒ වගේ තමා..අගේ ඇති කවියක්.. once bitten twice shy...

    ReplyDelete
    Replies
    1. මටත් එක්කමද කීවේ.. හිහිහ්....

      Delete
    2. මම කිව්වේ ඉතින් සාමාන්‍යයෙන් වෙන දේ.. හික්ස්.. :)

      Delete