Saturday, June 30, 2012

ලබ් ඩබ්.... ලබ් ඩබ්.










මරු........

ජීවත් වෙන්න  වෙන්න  මරු......

මම වැටුන බින්දුවටම...
මගේ ලග හිටපු හැම කෙනෙක්ම හැම දෙයක්ම..
යාළුවො ....හිහ්....
ඊ මං ආදරේ කරපු කෙල්ල....පුහ්....
ඒකිට  අම්මලාගේ හිත රිද්දන්න බෑලු...

ඕක තමා ජීවිතේ .......
මට ඇඩුන...මම කෑ ගගහ ඩුව...
මගේ ලෝකේ සුනු විසුනු වුනා...
මට මැරෙන්න ඕනේ වුනා....
ගෙදර තිබ්බ ඔක්කොම බෙහෙත්
ජාති බීව.....
ඔලුව බිත්තියේ ගැහුවා. නහයෙන් ලේ
ගලනකන්....
මම නැගිටිනකොට...
ඇඳ වටේට දොස්තරල නර්ස්ලා..
67....65... 60.............කව්දෝ කෑගහනවා .. ලබ් ඩබ්.

54.........31..25...නර්ස්ලා කෑගහන්නවා
20..19..18..17..ලොකු දොස්තර
දුවගෙන ආව ..මම හිතන්නේ  සේලයින් එකට
මොනවදෝ ගැහුවා..
මට මේ ඔක්කොම
පේනවා...මම ඔක්කොම බලාගෙන ඉන්නවා..

18..20..24...30..36..40..60...70....79.. ඇති යන්තම්..
කියල කියනවා මට හොදටම ඇහුන
මම දැක්ක දොස්තර මහත්තය
දාඩිය පිහිදානවා ..
මම හිනා වුනා
දොස්තර මහත්තය හෙමීට මගේ ලගට ආව..
හෙමීට තට්ටුවක්
දාලා දැන් ඉතින් ජීවත් වෙයන් කොල්ලෝ  
කිව්වා..........

හ්ම්ම්.......
දැන් මම ජීවත් වෙනවා...
දැන් මම දන්නවා
එදා මම වැටුනේ නැගිටින්න පුළුවන් බව දන්නේ කියල..
ආයේ මාව වට්ටන්න කාටවත් බෑ.
මම වැටෙන්නෙත් නෑ..........



8 comments:

  1. හරිම ලස්සනයි යාළු :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි යාළු.
      ඔයාගේ අගය කිරීම මම වගේ නවකයෙක්ට ලොකු හයියක්.

      Delete
  2. ම්ම්ම්.. ඇත්ත.. මාව වට්ටන්න බැ..
    මටත් හොඳ කවියක් මේක.. මම ඔහොම කරනවට නම් නෙවෙයි.. මේ ලැබිච්ච ජීවිතේ හොඳටම වටිනවා මට.. ඒත් මමත් ටිකක් විතර ඒක නාස්ති කරනවා වගේ..ජය වේවා..

    වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරනවා නම් හොඳයි යාළු.. එතකොට කමෙන්ට් කරන්න ලෙසියි..

    ReplyDelete
    Replies
    1. ඔව්.අමාරුවෙන් ලැබුන ජීවිතේ නාස්ති කරගන්න එපා....ආයෙ ලැබෙයිද දන්නෙත් නැ...
      තෑන්ක්යූ ගොඩාක්...(වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරනවා නම් හොඳයි යාළු.. එතකොට කමෙන්ට් කරන්න ලෙසියි..)කීවට. අද තමයි ඒක හොයාගත්තේ..
      ජය වේවා.!!!!!!!!!!

      Delete
  3. fattai ah..????
    ela kathaawa....
    thumbz UP...!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්ක්යූ යාළු....

      Delete
  4. නොවැටී ඉන්න එක නෙමෙයි වැදගත්. වැටෙන්න වැටෙන්න නැගිටින එක... ජය...

    ReplyDelete
  5. අනිවා...අනිවා....
    තැන්ක්යූ යාළු ..කමෙන්ටුවට...
    ජය!!!

    ReplyDelete