දෙකම්මුල් තෙත් වෙලා
කිමද නුඹ ගොළු වෙලා
මුතු කඳුළු වගුරුවා.............
ඔබේ කදුළු දැක ගන්න
මට නොහැක කිසි දිනේ
ඒ නිසා අද මෙසේ
මගේ නෙතු පියවුනේ..........
මට නොහැක ලගට විත්
ඔය නුවන් පිසලන්න
මගේ අතගිලි වෙලා
මට නොහැක ගනු ලිහා........
නෑ ඉඩක් මේ ලොවේ
මතු බවයේ හමු වන්න
පතමු අපි එක් වන්න............
පතමි පැතුමක් හදින්
සංසාරෙ සැම වෙලේ
සතුටු කදුලැල් වලින්
ඔය නෙතග බබලන්න.........
මම නුඹට දුන්නු ඒ
රෝස මල් මට දෙන්න
වැලි මිටක් මට දමා
මට නුඹෙන් සමු දෙන්න........

1.jpg)
නුඹ දුන්න රෝස මල
ReplyDeleteදෙන්නේ නෑ කාටවත් මම
මරණය බෑ ඉතින්
වෙන්කරන්නට අපිව
දුක් නොවන් මා සබඳ
වැඩි කලක් නොයවාම
මමද එමි සැතපෙන්න
ඔබ ලඟින් හැමදාට..
ලස්සන කවියක් යාළු..
නොසිතන්න කිසිවිටෙක
ReplyDeleteපැමිණෙන්න මා ලඟට
මරණයේ වේදනා
නුඹට බෑ ඉවසන්න.....
කිසිවිටෙක එපා නුඹ
වේදනා විඳවන්න
මගේ ආයුශ අරන්
මේ දිවියේ සැනසෙන්න....
තැන්කූ යාළු ......