Tuesday, July 31, 2012

ඉරබටු තරුව නුඹයි පුතේ............


















'''' සමනළ තටුව සලනා පවනත්        දැනුනා...
    තුත්තිරි මලෙන් හමනා සුවදත්      දැනුනා...
    කණා මැදිරි එළියෙන් සැමතැන    දිළුණා ..
    දුර සිටි නුඹ මව්ගෙ සුසුමෙන් හිරි     වැටුනා.....'''''




නුඹේ අම්ම රෝස මලක් පුතේ......
ඇය මට තුරුළු වුනාම මට දැනුනේ නෑ අයට
හුස්ම ගන්නවත් අමාරුයි කියල ...
ඇයත් එසේමයි ...............
ඇයට මුළු ලෝකෙම මමයි...
එලිය වැටෙන්නෙත් මම ගැන හිතාගෙන
නිදාගන්නෙත් .. නිදාගන්නවා කියලයි...හැමදාම.....

අපේ ආදරේ කවදාවත් වෙනස් නොවෙන්න
වෙන්න ඇති පුතේ නුඹ අපි අතරට එන්න ඇත්තේ.....
ඒත් පෙර අකුසලකට වෙන්න ඇති  අපිට කවදාවත්
එකට ඉන්න වාසනාවක් නොවන්නට ඇත්තේ......

අපිට උරුම උනේ සුසුමයි වේදනාවයි ..
මම අහස බලන්නේ ඉරබටු තරුව නුඹ
කියල හිතාගෙනයි..........
දවසකට සැරයක් අහස බලල ඉරබටු තරුව
හොයලයි මම නිදාගත්තේ.....
මම දන්නවා නුඹේ අම්මත් එහෙමමයි කියල.....


අම්ම හිතුවේ ඔය ලස්සන පැංචි කෙල්ලෙක් කියලයි..
ඒත් මම හිතුවේ ඔයා රත්තරන් පුංචි කොල්ලෙක්  කියලයි...

ලෝකයේ වාසනාව අපේ අවාසනාවයි......
ඔයා අපෙන් වෙන්වෙද්දී අම්මගෙ විලාපය
මගේ දෙසවනේ තවත් රැව් දෙනවා...
මම සිටියේ ඇය දකින තුරු දෙපා වෙව්ලමින් ....

ඔයා අපි අතරට අවේ
අපිව හැමදාම එක් කරලා තියන්න කියල මම දන්නවා.
ඔයා ඈත අහසෙ තරුවක් වෙලා අපි දිහා බලාගෙන
නේද රත්තරන් හැමදාම ඉන්නේ.....
ඔයා බය වෙන්න එපා පුතේ ...මම ඔයාගේ අම්මව
ජීවිත කාලෙම පණවගේ රකිනවා........
ඒක මං ඔයාට දෙන පොරොන්දුවක් මගේ පුතේ...



ලොවේ සුන්දර අත්විදින්නට
නුඹට ඇයිදෝ නොහැකි වුයේ...
නුඹේ සෙනෙහෙන් සතුටු වන්නට
ඇයිද අප හට නොහැකි වූවේ........


ජීවිතේ ඝණ අන්දකාරේක
පටලවා නුඹ අපේ දෑසේ ...
තරුව වී එළිය දීපන්
දුක නිමෙන්නට අපේ දිවියේ.......


නොහැකි වුනි නම් එක්ව ඉන්නට
මේ දිවියේ අප සමග තොසිනේ..
පතමි පැතුමක් නුඹත් සමගින්
එක්ව ඉන්නට මතු බවේ දී..........






2 comments:

  1. සංවේදීව චිත්‍රයට නගලා තියනවා අපුරුයි

    ReplyDelete
  2. ස්තූතියි සහෝ....

    ReplyDelete