Sunday, October 7, 2012

මට පාළුයි පැංචියේ.......


පාළුව තනිකම කියන්නේ මොකක්ද කියන එක අද තරම් මට දැනුන වෙනත් දවසක් නෑ. ..ජීවිතේ හැම වැදගත් වැඩකටම මගේ ලගින්ම හිටිය ඔයා අද ගොඩාක් ඈත් වෙලා..දන්න හිතවත් අය කව්රු  හිටියත් මගේ පැංචිගෙ  අඩුව පුරවන්න කව්රුත්  එතන හිටියේ නෑ..උදේ 8 ඉදලා හවස 6 වෙනකන් ඔයාව මතක් උනේ නැති තප්පරයක් නැතිව ඇති...මොකද මේවගේ වැඩක් කරද්දී ඔයා  හැමදාම මගේ ලගින්ම ඉදගෙන මට උදව් කරන නිසා..
මට රණ්ඩු වෙන්නවත් කවුරුත් නෑ..මොකද මගේ කියල මට දෙයක් හැමදාම කියන්න හිටියේ ඔයා විතරයි..මම ඔයාට කෑගහන්නේ රණ්ඩු වෙන්නේ  ඒ ඔයා  මගේම නිසයි...ඒක ඔයත් දැනගෙන හිටිය..ඔයත් දන්නවා මේ ලෝකේ මම ආදරේ කරෙත් ඔයාට විතරමයි කියන  එකත්.මගේ අතින් ගොඩක් වැරදි  වුනා...ඒත් මම දන්නවා ඒ වැරදි නිසා නෙවෙයි අද ඔය මගෙන් ඈත් උනේ කියන එක..මම ටිකක් ඈත් වුන ටික දවසට ඔයාගේ ලෝකෙට රින්ගගත්තු කාලකන්නි යාලුවෝ තමයි ඔයාව ඔය තත්වෙට ගෙනාවේ..මම දන්නේ නෑ වුන් මොන වගේ යාලුවොද කියන ඒකනම්..කවදාවත් දැකලවත් නැති මොක්කුද කියල දන්නෙවත් නැති උන්...පොස්ට් එකක් ලියපු පලියට තමන්ගේ පොස්ට් එකකට ආදරේ හිතෙන විදියට කමෙන්ට් එකක් දාපු පලියට උන් මොක්කුද කියන එ‍ක ඔයා දන්නේ නැතිව අද ඔයා අතරමං වෙලා.. 
ලස්සනට ලීවට ලස්සනට කතා කරාට ලස්සන අදහස් කීවට ඔයා අසරණ වෙච්ච වෙලාවට උන් කුරුත් ඔයාගේ ළග නැතිවෙයි.. ඔයා  තනිවෙයි...උන්ගේ ලෝක ලස්සන කරගත්ත දවසට ඔයාගේ හිත සනසන්න ඔය අද ඉන්න කාලකන්නි කව්රුත් ඔයාගේ ළග නැහැ..ඔයාට දවසක තේරෙයි  ඔයාගේ හිත අද සනසන සුන්දර කථා කියන ලස්සනට ලියන හැමදෙනාගේම හදවත් හිතන තරම් සුන්දර නැහැ කියන ඒක..ජීවිත කාලෙම වනචර කම කරපු හොදක් කියන දෙයක් කිසිම කෙනෙකුට නොකරපු ජීවිත කාලෙම කාලකන්නි වැඩම විතරක් කරපු එවුනුත් ලස්සනට ලියනවා කියන එක.කලකනි උණු උන්ගේ ජීවිත ඔයාගේ ජීවිතෙත් කාලකන්නි කරනවා කියන එක...
ඔය කවදාහරි  තේරුම ගනීවි...
ඔයා දන්නවා හැමදාම මට ඕනේ වුනේ කාටහරි හොදක් වෙනවා දකින්න විතරමයි කියන එකත්..මට පාඩුවක්මයි වෙන්නේ කියල දැනගෙනත් වෙන උන්ගේ සතුට වෙනුවෙන මගේ දේවල් මම කැප කරනවා කියන එක...ඒත් මට ඔයා  ගැන එහෙම බලාගෙන ඉන්න බෑ...ඒත් ඔයාගේ ආදරේ මට බලෙන් ලබාගන්නත් බෑ ...මට කරන්න තියෙන්නේ ඔයා කවදා  හරි මගේම වේවි කියල  හිතාගෙන  ඒ දවස වෙනකම් මග බලාගෙන ඉන්න විතරයි..
මම මගේ ජීවිතේ කාටවත් සාප කරලා නෑ කියන එක ඔයා දන්නවා ..ඒත්.....අපි දෙන්නව මේ විදියට ඈත් වෙන්න පාර කපපු හැමෝගෙම ජීවිත වලට මම දවස ගානේ හෙලන මේ හැම සුසුමක්ම  කඳුලක්ම සාපයක්ම වේවි...


ඒ මොනවා වුනත් අද දවස ඔයා මගේ ලගින්ම ඉන්න තිබුන දවසක්..එහෙම වුනානම් අද තියපු ආරම්භය සාර්ථක වෙලා මම විදින සතුට මට ඔයාව මගේ පපුවට තුරුළු  කරගෙන විදින්න තිබුන.මගේ පැංචිගෙ ඇස් දෙක දිහා බලාගෙන හිනා වෙන්න තිබුන...ඒත් අද ඔයා එතන නෑ ....මම තනිවෙලා තනියම .....                                   මට පාළුයි පැංචියේ.......

4 comments: