Thursday, October 25, 2012

යක්ෂයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ පිසාචයෝ හුදු මානසික සංකල්ප විතරක්ද






ම විසින් පෙර ලියූ "යක්ෂයින් සමග සෙල්ලම් " බ්ලොග් එකට අපේ සහෝදරයෙක්  ලියා තිබුණු කමෙන්ට් එක නිසා මට තවත් මේ මාතෘකාවටම සම්බන්ධව නැවතත් ලිපියක් ලිවීමට අවස්ථාවක් මතු උනා...මොකද අපි අතරේ ඉන්න හැමෝන විවිධ අදහස් වලින් යුක්ත අය බැවින්..එකීනෙකගේ අදහස් එකිනෙකට වෙනස්... ඒක එයාලගේ අයිතිය....ඒ වගේම ගොඩක් අය කියන්නේ එක දෙයක් කරන්නේ එක දෙයක්.. 




කෙනෙක් තර්ක කරන  විදියට යක්ෂයෝ ප්‍රේතයෝ කුම්භාණ්ඩයෝ 

පිසාචයෝ කියන චරිත හුදු මානසික සංකල්ප විතරක්ද ??????


මිනිසුන් මේ කියන විදියට මේ ජෝතිෂ්‍යය විද්‍යාව ,ගුප්ත විද්‍යාව 


බොරුවක්ද   ????????




ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හා ගුප්ත විද්‍යාව.....

ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හා ගුප්ත විද්‍යාව ගැන අප කතා කිරීමේදී මේ දෙකේ එකිනෙක හා බැඳුනු විශාල සම්බන්දයක් තිබේ..මෙයට හේතුව නම් මෙම කොටස් දෙක චතුර් විද්‍යාවේ  කොටස් දෙකක් වීමයි.චතුර් විද්‍යාවේ කොටස් 4 නම් 
1..ජ්‍යොතිෂ්‍ය විද්‍යාව
2..ගුප්ත විද්‍යාව 
3..වාස්තු විද්‍යාව 
4..තාරකා විද්‍යාවයි 

මේ 4 සැමවිටම එකට බැදී පවතී..ජ්‍යොතිෂ්‍ය විද්‍යාව ,වාස්තු විද්‍යාව, තාරකා විද්‍යාව  මගින් ගණනය කරන ලද කරුණු වලදී ඒවාට කරනු කරනු ලබන ප්‍රතිකාර සදහා ගුප්ත විද්‍යාව අවශ්‍ය වී තිබේ..

"""හඳට පූදින ගොයම් බෝල්වේ..,හඳට කපන ගස වල එළෙ වැඩියි ගුල්ලෝ ගසති..,හඳට පිස්සුව වැඩිවේ..,කිරිගඩු උන පසළොස්වකට වැඩිවේ..,ඇදීම වැඩි වෙන්නේ හඳ වැඩි දවස වලටය..,වඩදිය බාදිය හඳ අඩු වැඩි විදියට වෙනස් වේ......""
මෙසේ කියමන් අප සමාජයේ අද්දැකීම් සමගින් සැමදෙනාටම අත්විදින්නට වන අවස්ථා බොහෝ උදාවී ඇතුවාට සැක නැත......

චතුර් විද්‍යාවට වයස් සීමාවක් නැත .කව්රුන් කවදා සොයා ගත්තාද කියා කිසිවෙක් නොදනී.යම් කලෙක යම් රාජ්‍යයක් දියුණුව තිබුනේ නම් එම රාජ්‍යයේ ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය බල පැවැත්වූ බව පෙනෙන්නට තිබේ...චීන රජවරු ආණ්ඩුවේ නිලධාරීන් වශයෙන් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයඥයින් පත් කර තිබුණු බවත් වැරදි අනාගත කීම් දඩුවම් කල හැකි බරපතල අපරාධ ගණයට ඇතුලත් කර තිබුණු බවත්  චීන ඉතිහාසයේ පෙනේ....එසේම" හිපොක්‍රටිස් "විසින් ඒ කාලයේ සිටි වෙදුන්ට මෙසේ කියා තිබේ.."ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය නොදන්නා වෙදාට වෙදා නොව ගොනය කීම වඩා සුදුසුය " ...ලංකාවේ පුරාණදියුණු කාලයේ මේ ශාස්ත්‍රය ඉතා උසස් අන්දමින් භාවිතා කලද මංකොල්ලකර පරදෙශීන්ගේ පැමිණීමෙන් මෙම ශාස්ත්‍ර පමණක් නොව ලංකාවේ තිබුණු බොහෝ ශාස්ත්‍ර ක්‍රම පරිහානියට ගොස් ඇත. මේවා නැති කිරීමේ අදහසින් ඒවාට ගරු සරු නොකළ නිසා අප රටේ උසස් පෙලේ අයද මේවා පාවිච්චි කිරීම පහත ලෙස සැලකීය...අබවින් මෙම ශාස්ත්‍ර අන් සියළු ජාතික සිරිත් විරිත්  හා ආගමික සිරිත් විරිත් මෙන් ඉතා දුප්පත් නුගත් මිනිසුන් අතරට පත් විය..අවසානයේ ජාතික හා ආගමික සිරිත් විරිත් මෙන්ම මෙම ශාස්ත්‍රත් ආරක්ෂා කර තිබුනේ පිටිසර පන්සල්වල භික්ෂුන්වහන්සේලා හා දුප්පතුන් විසිනි......අද දවසේ සමහර බුද්ධිමතුන් චෝදනා නගන  ඉතාමත් හේතුවාදී වෙච්ච දර්ශනයක් වුන බෞද්ධ දර්ශනය මේවා හා සම්මිශ්‍රණය වීමට පාදක වුනු ප්‍රධාන හේතුව මෙම හේතුවයි..
එමෙන්ම අද තාක්ෂණයේ දියුණුවත් මිනිසුන්ගේ කාර්යක්ෂමතත්වයත් ගතකිරීමට ඇති අඩු විවේකී කාලයත් නිසා හා දිනෙන් දින වේගයෙන් දියුණුවට පත්වන විද්‍යාවත් හේතුවෙන් පුරාතනයේ හා මෑත  අතීතයේ අපට බොහෝ සේ වැදගත් උන පාරම්පරික වෙදකමත් ගොඩ වෙදකමත් අභාවයට යමින් පවතී..තවද බෙහෙත් ලබාගැනීමට අවශ්‍ය ශාක නොමැති වීම,නුතන සමාජයට  එම ශාක හදුනාගැනීමට නොහැකිවීම  රහස් වචන භාවිතා කිරීම හා ගුරු මුෂ්ටිය මෙම අභාවයට හේතුව වී පවතී..එබැවින් අද දිනයේදී ජ්‍යෝතිෂය හා ගුප්ත විද්‍යාව ඇතුලත් චතුර් විද්‍යාව බොරුවක් සේ තර්ක කරන සේම අපගේ පාරම්පරික වෙදකමට හා ගොඩ වෙදකමටද  හෙට දිනයේදී බොරුවක් ලෙස චෝදවට ලක්වීම කාටනම් වැලැක්විය හැකි වේද......
එමෙන්ම යක්ෂ භූත ,ප්‍රේත ,කුම්භාණ්ඩ චරිත හුදු මානසික සංකල්ප හා මානසික දුර්වල මිනිසුන් විසින් මතුවන ද්විතික පවුර්ෂ සේ සලකා අපට බැහැර කල හැකිවේද......එසේනම් බුදු දහමේ පැහැදිලිව ඉතාම පුළුල් ලෙස යක්ෂ භූත ,ප්‍රේත ,කුම්භාණ්ඩයින් ගැන  විග්‍රහ කෙරෙයිද....
උදාහරණයක්‌ ලෙස සංයුක්ත නිකායේ යක්ක සංයුක්තය ,මාර සංයුක්තය ප්‍රේත වාස්තු ප්‍රකරණ වැනිදේ දැක්විය හැකිය...එසේම යක්ෂ භූත ප්‍රේත මාර යින් පිලිබදව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ත්‍රිපිටක ධර්මයෙන් පැහැදිලි කර ඇත....

එසේම ලජ්ජාවට තුඩුදෙන අනිත් කාරණය නම් තමන් ජ්‍යෝතිෂය කිසිසේත්ම පිළිනොගන්නා බව සමහර බුද්ධිමතුන්  විසින් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමයි....

ශ්‍රී ලාංකීය සමාජයේ අළුත් අවුරුද්ද ලිප ගිණි මොලවා කටේ ඔබාගන්නා වූ කිරිබත් කැටය සැදෙන්නේ කෙසේද???????
තමන් විවාහයට පත්වන සියළු වැඩසටහන් කරන්නේ කෙසේද??????
තමන්ට දාව උපදින දරුවා මෙලොව එළියදුටු මොහොතේ වෙලාව සටහන් කරගෙන රෝහලෙන් පිටවී දුවන්නේ කොහෙද???????දරුවාගේ කේන්දරේ යනු කුමක්ද??????
තමන් තමන්ට කැමති අකුරකින් තම දරුවාට නමක් දමයිද????????
මල්වරවූ තම දියණිය කැටුවගොස් ඇලේ දොලේ ඔබා නාවයිද????????

එබැවින් මේ කරුණු සියුම් ලෙස පරික්ෂා කොට බලා අද සමාජයේ වැළලී යමින් තිබෙන චතුර් විද්‍යාව නැසෙන්නට හරින්නේද නැත්නම් කෙසේහෝ ආරක්ෂා කරන්නේද යන්න ඔබ විසින් තීරණය කරන්න...

 ඒ වගේම වැදගත් වන වැදගත්ම කාරණය වන්නේ මේ විද්‍යාවන්ගේ උදවු උපකාර ලබා ගන්නේ නම් මේ ශාස්ත්‍රය හරියාකාරව නිවැරදිව දන්නා අයගෙන් පමණක් උපකාර ලබා ගන්න මෙනි...නැත්නම් වනුවේ  නොදැන ගොහින් අතරමං වීමටය    ......



ඉදිරියේදී තවත් වැදගත් ලිපි ලිවීමට යන එනකොට ඔබ දාන කමෙන්ටුව මට ඉතා වැදගත් වේවි.!!!!!




21 comments:

  1. මම නම් කියන්නේ නෑ මේ සංකල්ප බොරුමයි කියල.මොකද අපිට නොතේරෙන නොපෙනෙන දේවල් මේ ලෝකේ අනන්ත අප්‍රමාන තියෙනවා.අපිට නොතේරෙනවා කියන හැමදේම බොරු නෙවේනේ.
    ඒ වුනාට මේ වගේ දේවල් පස්සේ ඕනෑවට වඩා යන්න නම් හොඳ නෑ.
    අද කාලේ නම් කරන්නේ මේවගේ ඒවා උලුපලා පෙන්නලා අහිංසක මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරගන්න තුට්ටු දෙක සූරා කණ එකනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝ..මම උනත් පෙන්නුවේ මෙහෙම දෙයක් තියෙනවා ඒක බොරුවක් නෙවෙයි කියන එක..ඇත්තටම අද සිද්ද වෙන්නේ ඔය කියන දේ තමයි...නැත දෝෂ පෙන්නලා මිනිස්සු භය කරලා මිනිස්සුන්ගෙන් සූරගෙන කන නිසා තමයි මේ වේගේ දේවල් මිනිස්සු බැහැර කරලා තියෙන්නේ....

      Delete
  2. මමත් මෙ සංකල්පය බොරු කියලා කියන් නැ .. මොනා වුනත් වටිනා ලිපියක් ...

    ReplyDelete
  3. සිරා ලිපියක් මචන්.මම මේ දවස වල ඔය ගැන පොඩි පර්යේෂණයක් කරනවා.අකුරු සයිස් එක පොඩ්ඩක් ලොකු කරපන් කියවන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේක මාර ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක් මචං....මාර කතන්දර ගොඩක් හම්බ වුනා..ඉදිරියේදී තව ටිකක් ලියන්න ඕනේ...

      Delete
  4. මම උසස් පෙළ ව්‍යාපෘතියට තෝරගත්තේ මේ ගැන තමා.මං දකින විදිහත් කියන්නම්.

    අද සමාජය තුල ජෝතිෂ්‍ය වියැකෙමින් තමා තියෙන්නේ.ඒකට ප්‍රධාන හේතුව විදිහට මං දකින්නේ ධනවාදී සමාජයෙන් උරුම කරලා දුන් money is panacea සංකල්පය නිසා.මුදල් පසු පස හඹා යාම නිසා.ජෝතිෂ්‍යෙව්දින් යැයි කියාගනිමින් බොරු බේගල් ඇද බාලා ගාන කපා ගන්නවා.ඉතින් ඒවා බොරු උනාම මිනිස්සු අවිශ්වාස කරනවා.මං කිව්වේ මේ එක පැත්තක් විතරක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ..අද හැමදෙට උඩින සල්ලි තමයි...මිනිස්සු ලග ඇල්ලී තියෙනවා කියල දැනගත්තම කොහොමහරි කඩ වඩා ගන්න තමයි බලන්නේ...ඒකෙන වෙන්නේ මේ ශාස්ත්‍රය හරියට කරන අහිංසක දුප්පත් මිනිස්සුත් බොරු කාරයෝ වෙන එක...මම දන්න විදියට මේක හරියට කරන මිනිස්සු සල්ලි පස්සේ පන්නන්නේ නෑ...බුලත් කොලේ ඔතල දෙන කීය හරි ගන්න බලාගෙන ඉන්නේ...ඒක නිසා හැමදාම ඒ අය දුප්පත්...

      Delete
  5. තමන් නොදන්නා දේවල් බොරු කියන්නේ මෝඩයෝ. මොකද අපේ දැනුමෙන් පරිභාහිර දේවල් අනන්තයි අප්‍රමානයි. ඉතා හොඳ තර්ක ටිකක් ගොඩනගල තියෙනවා ඔබ විසින්

    ReplyDelete
    Replies
    1. එකනම් කියල වැඩක නෑ යාලු...

      Delete
  6. පලමුවෙන්ම මේක ලියපු ඔබ තුමාට බොහෝම ස්තූති කරන්න ඕන..දැං ඉතින් මම මේක ගැන මගේ අදහස කියන්න එපැයි..පලමුවෙන්ම කියන්න ඕන ඔබතුමා පොඩ්ඩක් පටලවල තියනව කියල...01)ජෝතිෂ්‍යය,02)ගුප්ත විද්‍යාව,03)වාස්තු විද්‍යාව,04)තාරකා විද්‍යාව කියල කොහොමද ඔක්කොම එක ගොඩකට දාල තියෙන්නෙ....මෙතන 1,2,3 කියන ඒව හුදු මිත්‍යා කියල ඕනම වෙලවක කියන්න ඕන..ඒ උනාට තාරකා විද්‍යාව(astronomy) කියන්නෙ විද්‍යාත්මක සත්‍යක්......වැඩි විස්තර ඕන නම් පස්සෙ දාන්නම්......පැහැදිලිවම කියන්න ඕන 1,2,3 කියන්නෙ කිසිම පදනමක් නැති හුදෙක් බියගුලු පුදලයින් විසින් නිර්මානය කරන ලද සංකල්ප බව...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති ඔබගේ කමෙන්තුවට....මගේ මේ ලිපියයේ සාර්ථකත්වය ගැන මට දැන් සතුටු වීමට හැකිය..කිමදයත් ම මේ ලිපිය ලිවීමට පොත පත ඇසුරු කරගත්තා පමණි..එබැවින් කරුණ කර ඔබ සත්‍ය යයි කියනා තාරක විද්‍යාවේ විස්තර ටිකක් මෙහි දමන්නේ නම් තවත් වැදගත් වේවි....මොකද 4 න් 1 ක් හරි ඇත්ත නිසා.....

      Delete
  7. ඔබේ ලිපියේ කිසිම පදනමක් නෑ.... පුරාණයේ සිට පැවතුන පලියට වත්,, ලෝකේ ප්‍රසිද්ද විද්වතුන් පිළිගත් පලියට වත්.... දෙයක් ඇත්ත කියල කියන්න පුළුවන් ද??? අනික ඔබ දන්නවද තාරකා විද්‍යාවේ දියුණුවත් සමග ජෝතිෂ බොරු කියල ඔප්පු වෙලා තියන බව???? ලැජ්ජාවට කාරණය ඔබ වැනි තරුණ පරපුර කිසිම පදනමක් නැති මිත්‍යා සංකල්ප පසුපස දිවිමයි. නිකන් ඉන්න එකේ මේ පහල තියන වීඩියෝ එකත පොඩ්ඩක් බලන්නකෝ...

    http://www.youtube.com/watch?feature=player_embedded&v=1vrUhMZf7SY

    ReplyDelete
    Replies
    1. ඊයේ කාර්යබහුල තාවය නිසා උඩින් පල්ලෙන් ලියල ගිය කොමෙන්ටුවට පොඩි ඌන පුරණයක් කරන්න වෙනවා... ඔබ මට බ්ලොග් පොස්ට් එකකින් පිළිතුරක් දෙනවා කිව්වම මම හිතුවේ ඔබ තාර්කික පිළිතුරක් ගොඩනගයි කියල.. ඒත් ඔබේ පිළිතුර "ඇහැල මල් පිපෙයි පිට කසයි" වගේ... මම කිව්වම යක්ෂ, ප්‍රේත, කුම්බාන්ඩ..... චරිත මනසින් දුර්වල මිනිසුන් තුලින් මතුවන "ද්විතික පවුර්ෂ" (Dissociative identity disorder) තත්වයන් විතරයි කියල ඔබ කියනවා චතුර් විද්‍යාවේ මෙහෙම තිබ්බ, බුදුදහමේ අරෙහෙම තිබ්බ, හිපොක්‍රටිස් මෙහෙම කිව්වා... පුරාණයේ සිට පැවතුනා ඒ නිසා එහෙම වෙන්න බෑ කියල..... :D ඔබම හිතල බලන්න ඔබේ තර්කය සාදාරණද කියල... ඔබ කියන විදියට මේ දේවල් ඇත්තටම නොපෙනෙන බලවේග නම්, කෝරලේ මහත්තය කියනවා වගේ නොදන්නා දේවල් නම්, කොහොමද නූතන මනෝවිද්‍යාව තුල මේ දේවල් වලට නොවරදින ප්‍රතිකාර කරන්නේ????? තොවිල් නටල, බලි ඇරලා, පිදේනි දීල... දාහකුත් එකක් දේවල් කරලත් හරියට සුව නොවෙන යක්ෂ ප්‍රේත භූත දෝෂ... මනෝවෛද්‍යවරු නිට්ටාවටම සුව කරන්නේ??? මනෝවෛද්‍යවරු කට්ටඩියෝ ද?????

      Delete
    2. මේකනෙ සෝඩා ගුනේ..දැන් ඕක ලියපු පොස්ට් එකක්...ආයෙ මේ බ්ලොග් එකේ පෝස්ට් බලන්න ඕන නම් අපි නවතිමු. ..මම මේ දවස් වල මේ වගේ ඒවට කොමෙන්‍ටු දාල ඔක්කොම නැති කොරගන්න ගිහින් ඉන්නෙ...ඒත් කියන එක කෙලින්ම කියන්න එපැයි..සෝඩ ගුනේ උබ නම් මාර ඩයල් එකක්..මම ඉන්නව ඕන වෙලාවක ...ඕන ජගතෙක් මාත් එක්ක හැප්පෙන්න..මෙන්න මම 0716238533

      Delete
    3. මම ජෝතිෂ්‍ය කරුවෙක්වත් කට්ටඩික්වත් නොවන නිසා මේක ගැන පන්න පන්න හොයන්න ඕනේ කමක් නෑ...ඒත් ඕනේ නම් හොයල දෙන්නම්.. මොකද මම කරපු මේ දැනුවත් කිරීම හරිහැටි අවබෝද කරගන්නවත් ඔබලට බෑ කියන්නේ මම මේ ලියන දේවල් කොහොමත් ඔබලාට අවබෝද කරගන්න බෑ කියන එකයි.... අර සෝඩා ගුනේ මට දාපු ලින්ක් එකේ ඉන්න දිව දෙකේ කබරයා නොහොත් කොන්ද පණනැති මනෝවෛද්‍යවරයා 2012/10/ 29 දින හිරු නාලිකාවේ විකාශය වුනු නොපෙනෙන ලෝකයේ අත්භූත සිදුවීම් පිලිබඳ විවරණය වැඩසටහනේදී තමන් භූත ආදී දේවල් විස්වාස කරන බවත් තමන් හේතුඵල වාදියෙක් නොවන බවත් ප්‍රසිද්දියේ ප්‍රකාශ කරන ලදී.. එවං කොන්දක් පන නැති මනෝවෛද්‍යවරයින් කියන බොරු දේවල් විස්වාස නොකර හොද කෙනෙක්ට දීල කේන්දරේ බලවගෙන ලෝකෙට වැදගත් දෙයක් කරනවානම් වඩා යහපත් කියන දෙයයි මගේ හැගීම..අනිත් දේ තමයි මේ ලෝකේ මිනිස්සු ඔයාල වගේ බුධිමත් මිනිස්සු කියන දේවල් වලට වඩා අඩු බුධිමට්ටමක ඉන්න ශාස්තෘවරුන් කියන දේවල් අදහන බව....අනිත් දේ තමයි අපිට සාදක ඇතිව ඔප්පු කරන්න බැරි දේවල් බැහැර කරන්න කියන එක ....ලෝකයේ මිනිස්සු බුදුදහම අදහන්නේ සාදක ඇතිව ඔප්පු කරන්න පුළුවන් දේවල් නිසාද... ඔබට හැකිනම් කර්මය , එසේත් නැතිනම පුනර්භවය,එසේත් නැතිනම් බුදුන් උපන් තැන ඔප්පු කරලා පෙන්නන කීවොත් කළහැකිද.....ඒවා ඔප්පු කරා නොහැකිනම් අපි බුදුදහම ඇදහීම නොකර යුතුද.....

      ඔබ විසින් මහන්සියෙන් සොයාගන්නා ලද ඉහත දක්වා ඇති ලින්ක් එක සත්‍ය බව ඔප්පු කිරීමට හැකිනම් ම ඉහත දක්වා ඇති වැඩසටහනේ ලින්ක් එක හොයල මෙහි පල කරලා තමන්ගේ මතය තහවුරු කරන්න කියල මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.....

      Delete
    4. ඔබ මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතිව ලින්ක් එකේ ඉන්න මනෝවෛද්‍යවරය බොරු කාරයෙක් කියනව. මට ඔහු බොරුකාරයෙක් ද, හේතුඵල වාදියෙක් ද, නැද්ද.... කියන එක වැදගත් නෑ මොකද මම ඔහු අදහන්නේ නැති නිසා. ඔබේ ලිපියෙන් මට අවබෝධ වෙන එකම දේ කොච්චර විද්‍යාව දියුණු උනත් මිනිස්සු පාරභෝවුතික බලවේග පසුපස හෝ ආගම පසුපස දුවන එක නවත්තන්න බෑ... කියන එක විතරයි. ඔබ වැනි තරුණයෙක් දීපු මේ පිලිතුරෙනුත් පැහැදිලි වෙන්නේ එයම පමණයි. ඔබ වැනි "යන්නේ කොහෙද මල්ලේ පොල් ටයිප් එකේ" බොළඳ තර්ක ගේන අන්දභක්තිකයොත් එක්ක වාද කරල පලක් නෑ... ඔබේ බ්ලොග් එක තුල ඔබ කැමති දෙයක් ලිවීමට ඔබට ඇති අයිතියට ගරු කරමින් මම නවතිනවා. යන්නට කලින් එක දෙයක්, මම දන්න සිදාර්ථ ගොවුතම හොඳ අනාත්ම වාදියෙක්, තමන් අමාරුවෙන් අවබෝධ කරගත්ත දර්ශනය යොදුන් ගණන් දුර පයින් ඇවිදිමින් දේශනා කරපු සාමාන්‍ය මනුස්සයෙක්.... පසුකාලීනව හින්දු ආගමේ සහ තත්කාලීන සමාජ බලපෑම් තුලින් බුදුදහමට එකතු උන දේව ඇදහිල්ල, පුනර්භවය වගේ ගොන්පාර්ට් අතැරලා ගත්ත නම් අවුරුදු 2500 කට පස්සෙත් අනුගමනය කලාට කෙනෙකුට වරදක් නොවෙන සිරා දර්ශයනයක් බුදුදහම කියන්නේ. තව දෙයක් ජෝතිෂ ගැන, මිට අවුරුදු දෙකහමාරකට කලින් අපි දෙන්නගේ කේන්දර ගැලපෙන්නේ නෑ කියල ජෝතිෂ කාරයෝ කියල ගෙවල් වලින් විරුද්ද වෙද්දී අපි තනිමතෙට කසාද බැඳලා අදත් සතුටින් ජිවත් වෙන්ව. වෙනම පවුලක් විදියට ජිවත් වෙන්න ගත්ත දවසේ ඉදල අද වෙනකම් අපි කිසිම දේකට (ගෙට අඩිතාලම් දැමීමේ සිට ගේ පදිංචි වෙනකම් ඇතුළු) ජෝතිෂ පසුපස ගිහිල්ලත් නෑ,,, නැකත් බලලත් නෑ,,, සරලව කිව්වොත් මගේ ඉරණම තීරණේ කරන්නේ මම මිසක් ආලෝක වර්ෂ මිලියන ගානක් ඈත ඉන්න ග්‍රහයෝ වත් නොපෙනෙන දෙවියෝ වත් නෙමෙයි. ජයවේවා!!!!

      Delete
  8. කියලා වැඩක් නෑ සෝඩා ගුනේ....මට නම් තියන එකම දුක මේ තාරකා විද්‍යාව කියන වටිනා ප්‍රස්තුතය විනාශ කරන එක

    ReplyDelete
  9. බලවේග සහිත ලොකයක ජිවත් වන්නේ අපි.මම නොදන්න බොහෝ දැනුමක් මේ ලිපිය හරහා ගත්තා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු.. තව බොහෝ දේවල් ඉදිරියේදී ....අයෙත් එන්න....

      Delete
  10. මෙතනට ගිහින් බලන්න.. වැදගත් කරුනු රැසක් ඇත https://sandaruwn.blogspot.com

    ReplyDelete