Sunday, October 21, 2012

යක්ෂයින් සමග සෙල්ලම්





හිතුන සමාජයට යහපතක් වෙයි කියල හිතුන දෙයක් ගැන ටිකක් හොයල බලල ඒ ගැන ටිකක් ලියන්න.මේ  ගැන ටිකක් හොයන්න මට මහන්සි වෙන්න උනත් මම හිතනවා මේක කාටහරි වැදගත් වේවි කියල...සමහරු මේ දේ ගණන් ගන්නේ නැති වේවි..ඒත් ඇත්ත  මොකක්ද කියන එක ටිකක් හොයල බැලුවොත් හොදයි කියල හිතුන නිසයි ලියන්නේ..........


    සුරය         (යන්ත්‍රය)

මේක සමහරු බෙල්ලේ එල්ලගන්නවා .තවත් සමහරු ඉනේ...තව අය පර්ස් එකේ එහෙම නැත්නම් කෝට්ටේ අස්සේ....සමහරු කැමැත්තෙන් දාගන්නවා......සමහරු අකමැත්තෙන් දාගන්නවා කෙනෙක්ගේ බල කිරීමට...හේතුවක් නිසා මටත් මේක ගැන සති ගානක් හොයන්න උනා...
සුරයක් දාන්නේ ගොඩක් අය තමන්ට කරදරයක් නිසයි..සමහරු අපල දුරුවෙන්න නැත්නම් දියුණු වෙන්න කියල හිතගෙනත් දානවා....
ඒ මොන විදියට සුරයක් දැම්මත් ඒක දන්නේ ජීවම් කරලයි..ජීවම් කරනවා කියන්නේ ගොඩක් වෙලාවට තඹ තහඩුවකට මල් බුලත් තට්ටුවක තියල මතුරනවා....එහෙම නැත්නම් තෙල් මතුරලා පුළුන් කෑල්ලක පොගවල සුරේ ඇතුලට දානවා.....
එතකොට මේ මතුරනවා, ජීවම් කරනවා කියන්නේ මොකක්ද.....ජීවම් කරන්නේ කොහොමද , මොනවා කියලද...
සමහර යන්ත්‍ර බුදුගුණ කාණ්ඩයට අයත්වේ......යුද්ධ භංග යන්ත්‍රය,සබ්බ පාපස්ස යන්ත්‍රය,සීවලී යන්ත්‍රය,මහා රතන යන්ත්‍රය,ජලනන්දන යන්ත්‍රය මේවා අතර ප්‍රදාන තැනක් ගනී...ඒකෙන කැරෙන්නේ බොහෝ දුරට දෝෂ කපන ඒකයි. තමන්ට තියෙන බූත ,පෙරේත දෝෂ....ඒ වගේම තමන්ට කරලා තියෙන හැදී හූනියම්......සියලුම බලවේග කපන එක තමයි මෙයින් කෙරෙන්නේ...
ඊට අමතරව ගොඩක් දෙනාට ජීවම් කරන්නේ වෙනත් දේවල් වලට අදාල මන්තරයි...ඒවයෙන් මිනිස්සු බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා...නඩුහබ දිනන්න..වෙලදාම් දියුණු කරන්න. ග්‍රහ දෝෂ නැති කරන්න කෙනෙක් හිතුවක්කාරකම් නැති කරන්න සම්පුර්ණ ආරක්ෂාව එහෙම නැත්නම් සතුරෙක් විනාශ කරන්න   වගේ දේවල්.......තවත් අය කෙනෙක්ගේ බේබදුකම නැති කරන්න ප්‍රේම සම්බන්දකම් කඩන්න...එහෙම නැත්නම් තමන්ට අකමැති කෙනෙක්ව ලබාගන්න ඒ කියන්නේ කෙනෙක්ව වශී කරගන්න වගේ එක එක ගොඩක් කරන වලට ජීවම් කරලා යන්ත්‍ර පළදිනවා....මේ කොහොම යන්ත්‍රයක් පලදුවත් සුරයක් හදනකොට ඒ දේ කරන මන්තරකරුවා විසින් යම් කිසි ක්‍රියාදාමයකට අනුවයි එම යන්තරයේ නිර්මාණය කරන්නේ........

01..........
1...සුදුසු ස්ථානය (පිළිම ගෙය,බෝමැඩ,නුග වෘක්ෂය,ගංගා ඇලදොළ........)
2...යන්ත්‍රාසනය (යන්ත්‍රය තබන යන්ත්‍රාසනයට උඩින වියනක් බැඳ නා,බෝ,බුලත්,පුවක් මල් කිනිති එල්ලා පස් වර්ගයක මල් ඉස ආසනය සැකසීම..).
3....යන්ත්‍රපත් බැදීම...(තල්පතක්,රත්රන් පතක් ,නැතිනම් තඹ පතක් සම්මත අයුරට සකසා ගැනීම)
4....අශ්ටකර්ම සදහා බැලිය යුතු දිශා...(තමා කරන ජීවමට සුදුසු දිග්බාගය තෝරාගෙන ඒ පැත්තට මුහුණලා ජප කිරීම....
5....යන්ත්‍රහුය .(යන්ත්‍රය ජීවම අල්ලාගැනීමට යන්ත්‍රයේ දවටන නූල සැකසීම)

      ඊට පස්සේ තමයි අමාරුම ටික...........ඇඳුරා විසින් යන්ත්‍රය සැකසීම...
02........
1.. තෙරුවන් නැමද පන්සල් ගැනීම..
2..කිලි හැරගැනීම
3..ආරක්ෂක මන්තරය ජප කිරීම
4..තුන් සුත්‍රය
5..වරම් ගැනීමේ මන්ත්‍රය ජප කිරීම
6..පන්චෝපචාර දිස්ටිය ජීවම් කිරීම
7..පංචභූත දිස්ටිය
8..යන්ත්‍රයට ගැලපෙන දිෂ්ඨිය ලබා දීම..
9..මන්ත්‍ර ප්‍රාණය ලබාදීම
10..පලිප්පු දීම
11..පුට මන්ත්‍රය මතිරීම
12..මන්ත්‍ර සුද්ධිය
13..මන්ත්‍ර සිද්දිය..
14..යන්ත්‍රයට අවශ්‍ය මන්ත්‍රය මැතිරීම......
15..යන්ත්‍රය හකුලන මන්ත්‍රය..
16..යන්ත්‍ර ප්‍රාණ පිහිටුවීම...
17..යන්ත්‍රය පැළදවීම.......

ඔන්න ඔහොමයි කෙනෙක්ගේ යන්ත්‍රයක් වැටෙන්නේ.. 

මම කියන්න හදන්නේ යන්ත්‍රයක් දාගන්න කියන එක නෙවෙයි..යන්ත්‍රයක් දාගන්නවා කියන්නේ යම්කිසි ප්‍රාණයක් අපේ ජීවිතේට එකතු කරගන්නවා කියන එකයි..ඔය හැම මන්ත්‍රයකින්ම කරන්නේ ශබ්දයේ ශක්තිය උපගොගී කරගෙන යම්කිසි ජීවයක් යන්ත්‍ර පතට ආකර්ෂණය කරලා තියන එකයි..ඒ කියන්නේ යම්කිසි රාජකාරියක් පවරලා යම්කිසි ප්‍රාණයක් අපිට ආකර්ෂණය කර තැබීමයි....ඒ ප්‍රාණය යක්ෂයෙක්ද ,භුතයෙක්ද ,ප්‍රේතයෙක් ද කියන දේ ඒ ඒ යන්ත්‍රයේ කාර්ය අනුව වෙනස් වේ...
බුදුගුණෙන් යන්තරය මැතුරුවත් මා ඉහත සදහන් කල සියලුම කාර්යන් සිදුකලයුතු බැවින් එහිදීද යම් ජීවයක් උපයෝගී කරගනු ලැබේ..මොකද බුදුගුණ මන්ත්‍රය මතුරන්නේ   14 වන අවස්ථාවේ වන බැවිනි....එබැවින් කෙනෙක් කිනම් අයුරක යන්ත්‍රයක් පැළද ගත්තද ඒ කරන්නේ තමන් ගේ අවශ්‍ය කාර්ය සදහා මළගිය ප්‍රාණකරුවෙකුගේ උදවු ලබා ගැනීමක් වන්නේය...


ඊට අමතරව තවත් ආකාරයක සුරයක් සැකසේ..
ඒ යම්කිසි දිශ්ටියක් ඇත්තෙක් විසින් කරනු ලබන ජීවම් කිරීමය....සමහර විට යන්ත්‍රයක් දැමීම  නැත්නම් පඩුරක් ගැට ගැසීමද සිදු කෙරේ...මෙයද මළගිය ප්‍රාණියෙකු කැදවා රාජකාරියක් භාර දීමක් වන්නේය.සමහර විට මෙය යන්ත්‍රයක් පලදිනවාටද වඩා බලසම්පන්න වීමට ඉඩ ඇත.මොකද දිෂ්ටිය ඇති ආතුරයා ට ලැබී ඇති දිෂ්ඨියට හිමි ප්‍රාණියා  කැදවනු ලබන්නේ තමන්ටවඩා පහත් ප්‍රාණියකු වන නිසාය..අණ දෙනු ලබන ප්‍රාණියාට ආව තේවා කිරීමට අණ ලබන ප්‍රාණියා බැදී සිටීමට පුළුවන් බැවින් අම කාර්ය යන්ත්‍රයක් දැමීමට වැඩ බලගතු ලෙස සිදු වීමටද හැකියාව පවතී..... 


ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියල....
ඊට පස්සේ තමන්ට නියමිත රාජකාරිය කරගෙන තමන් එක්කම ඒ මළගිය ප්‍රාණ කාරය ජීවත් වේ.ඒ කාර්ය කිරීමෙන් අනතුරුව ප්‍රාණකාරයට මොකද වෙන්නේ......වැඩේ කරලා ඉවරයි කියල ආපහු නිකන්ම යාවිද...ඔන්න කරදර එන්න පටන් ගන්න තැන.....තමන්ගේ වැඩේ කරලා ඉවර උනාම කරන්න දෙයක් නැති නිසා ඒ ප්‍රාණියට ගලවීමකුත් නැති නිසා කරදර කරන්න පටන් ගන්නවා.සමහරවිට අවසානය මරණය වීමටද පුළුවනි....ඒ කෙසේ වෙතත් බන්ධනය ඇතිවුන දිනේ පටන් පරපෝෂිතයෙක් වගේ ඒ ප්‍රාණිය ජීවත් වෙන්න වුවමන දේවල් සිදු කරගන්නේ නම් තමාගෙනි...අවශ්‍ය කෑම බීම හා වෙනත් අවශ්‍යතා අවශ්‍ය ආකාරයට සිදු කර ගනී..කොටින්ම කියනවනම් සමහර වෙලාවල් වලට සමහර අම්මල තාත්තල තමන්ගේ දියණියව කෙනෙක්ගෙන් බේරගන්න කරන ජීවමකදී ඇය කෙරේ බන්දනු ලබන ආරක්ෂකයා ඇයව පාලනය කරනු ලැබේ...බොහෝ දුරට ඇයට ඇති අවශ්‍යතා සියල්ල නින්දේදී  ඇය වෙත එම ප්‍රාණියා ලබා දෙනු ඇත. එවිට ඇයට ඇයගේ පෙම්වතා ගේ අවශ්‍යතාවය ඇති නොවේ..ක්‍රමයෙන් ප්‍රේම සම්බන්දය විනාශවේ .....නමුත් නරකම දේ නම් ප්‍රේම සම්බන්දය කැඩී ගියද ප්‍රාණිය ඇය සමගම සමහර විට ජීවිත කාලයම ජීවත් වීමයි...අවසානයේ බොහෝ දුරට සිදුවනුයේ ඇයට නිසියාකාර කසාදයක් කරගැනීමට නොහැකිව ජීවිත කාලෙම තනි කඩ වීමට සිදුවීමයි.එසේ නොමැතිව කෙසේ හෝ කසාද ජීවිතේකට ඇතුල් උවහොත් ජීවිතේම අවුල් ජාලාවක් කරගැනීමයි......බොහෝ විට ජීවත් වෙන්නේද යක්ෂණියන් මෙනි.....සමහරවිට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවේ...
ඊලගට අපි හිතමු යම් හෙයකින් කාර්ය සිදු කිරීමෙන් අනතුරුව හෝ මේ ප්‍රාණියා ඉවත් කිරීමක් සිදු කිරීමට අවශ්‍යයි කියා..කොහොමද ඉවත් කරන්නේ.... සමහර ප්‍රාණ පුජා දාන මාන ලබා දීමෙන් පිටමන් කල හැකියාව තිබේ..ඒත් සමහර ප්‍රාණයින් පිටමන් වීමට අකමැතිය..එම ප්‍රාණියාට අරක්ගත් ශරීරයේ ලැගුම් ගන්නට නොහැකිනම් බොහෝ දුරට ආපස්සට යාමට ඉඩ තිබේ..එම නිසයි යන්ත්‍රයක් ජීවම් කිරීමේදී ඇඳුරා විසින් අංක 2.. 3.. ආකාරයට ආරක්ෂක මන්ත්‍රය ජපකර තමන්ගේ ආරක්ෂාව සාදා ගන්නේ......එම නිසා සමහර විට ආපස්සට හැරුනොත් බොහෝ දුරට එම යන්තරය දැමීමට සලස්වපු කෙනාට කරකීමටද ඉඩ තිබේ.....බොහෝ දුරට යක්ෂයින්ගෙන් යම් වැඩක් කරගත් පසු හෝ යම්දෝෂයකින් ඉවත් කිරීමේදී එම දෝෂය කරනු ලැබූ තැනැත්තාට කරදරයක් කිරීමට එම යක්ෂය පසුබට නොවේ.
එසේම තවත් වැදගත්ම කරුණක් වන්නේ සමහර යක්ෂ දෝෂයක් ඇති කෙනෙක්ට ආරක්ෂාවට යන්ත්‍රයක් දැමීම හෝ එම ස්ථානයකට කටුව යෑමට  අපහසු මෙන්ම යන්ත්‍රයෙන් දෝෂයක් කරගෙන ඇති කෙනාටද යන්ත්‍රය ඉවත් කිරීමට එම දෝෂය ඉඩ නොදීමයි....එනම් එම යක්ෂයා විසින් එම අතුරයා පාලනය කිරීමයි...

ඉතිහාසයේ යක්ෂයින් බඳවා වැදගත් කතා පුවත් බොහොමයකද මෙම කරුණ ස්ථිර කර ඇත...එම නිසා යාලුවනේ....යක්කුන් සමග සෙල්ලම් කිරීමේදී පරිස්සම් උනොත් ගොඩාක් හොදයි කියන එකයි මගේ හැගීමනම්......


බලල යනගමන් කමෙන්ටුවක් දාගෙන යනවනම් තවත් වැදගත් දෙයක් කිරීමට එය පිටුවහලක් වේවි.!!!!

25 comments:

  1. මේ දේවල් විශ්වාස නොකලත්, අපේ රටේ සංස්කෘතියත් එක්ක ගත්තම එකපාරටම බැහැරකරන්නත් බෑ, මේ ලිපිය කියෙව්වමනම් හිතට අමුතු හැඟීමක් ආව විස්තරකරන්න අමාරු. මටත් පුංචි කාලේ අපලවලට කියලා විභාග වලට කියලා අම්මලා සන්තර දම්මවලා තියනවා ඒත් මේතරම් දුරට ඒගැන හිතලා නෑ, ඒත් මේ ලිපිය කියෙව්වම මේක නිකම්ම අත්හැරලා දාන්නැතුව මේගැන ගැඹුරට හදාරන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. අපි ලේසියෙන් කරගන්න ගිහින් ගොඩක් දේවල් අමාරුවෙන් අවසන් වෙනවා...ස්තුතියි මේ පැත්තේ ආවට.......

      Delete
  2. ලේසියෙන් හොයාගන්න වෙන්නේ නැති කරුනු තියෙන වැදගත් ලිපියක් ....

    ReplyDelete
    Replies
    1. නැති වෙච්ච ආදරයක් පිටිපස්සේ හඬ හඬා යනවට වඩා කාටත් වැදගත් දෙයක් කරන්න හිතුන....ස්තුතියි යාළු මේ පැත්තේ ආවට....

      Delete
    2. ඉතාම හොද විවරණයක්....ස්තුතියි...

      Delete
  3. මිනිස්සුන්ගේ හිතේ ඇතිවන නොයෙකුත් මානසික බිඳවැටීම වලට... අතීතයේ පටන් ම කරපු නොවිදිමත් මනෝ චිකිත්සක ක්‍රම විතරයි මේ සේරම... ඔබ මේ දේවල් පිලිගන්නවා නම්, විස්වාස කරනවා නම් ඔබට මේ දේවල් වලින් තාවකාලික සහනයක් ලබන්න බැරි කමක් නෑ... හැබැයි සහනයක් ලැබුන පලියට මේ දේවල් ඇත්ත කියල පිලිගන්නවා නම් ඒ ඔබේ බුද්දි මට්ටම.... ඔබ මේ සහදන් කරන යක්ෂ, ප්‍රේත, කුම්බාන්ඩ..... චරිත හුදු මානසික සංකල්ප විතරයි.... මනසින් දුර්වල මිනිසුන් තුලින් මතුවන "ද්විතික පවුර්ෂ" (Dissociative identity disorder) තත්වයන් විතරයි. ඔබ ඉහතින් සදහන් කර ඇති නඩු හබ දිනීම, විභාග වලින් ගොඩ යාම, වෙලදාම් දියුණු කිරීම, හිතුවක්කාරකම් නැති කිරීම.... වගේ දේවල් සුර්යක් දාගත්තම සිද්ද වෙනවා නම්.... අපි ඉගෙන ගන්නේ, මහන්සි වෙලා වැඩ කරන්නේ, පැණි හලාගෙන කෙල්ලෝ පස්සේ යන්නේ..... අහවල් බම්බුවටද? සුරයක් දාගත්ත කකුල් දෙක උඩ තියාගෙන හිටිය ඉවරනේ....:D කනගාටුවට කාරණය,,,, චීවර දාරියෝ, කට්ටඩියෝ, ජෝතිෂ කාරයෝ, පුජකයෝ,, මුන් ගේ ගොන්පාර්ට් වලට ඉතාම හේතුවාදී දර්ශනයක් වෙච්ච බෞද්ධ දර්ශනයත් ගවා ගැනීමයි.
    අවසාන වශයෙන් තව දෙයක්, ඔබට සහ ඔබේ ලිපිය කියවන හැමෝටම,,,, වර්තමානය වන විට මනෝ ව්යිද්‍ය විද්‍යාව පවතින්නේ ඉතාම දියුණු අවදියක.... මානසික ගැටළු වලට නොවිදිමත් මනෝ චිකිත්සක ක්‍රම පසුපස ගොස් අමාරුවේ වැටෙන්නේ නැතිව පිළිගත් මනෝ චිකිත්සකයෙක් (psychiatrist) මුණ ගැහුන නම් අඩු වියදමකින් යක්ෂ, ප්‍රේත, භූත දෝෂ ඇතුළු ගොඩක් මානසික ආබාද සුව කරගන්න පුළුවන්. කැඩිච්ච ඔරලෝසුවක් අහම්බෙන් මිබ වැටුනම වැඩ කල පලියට කැඩිච්ච හැම ඔරලෝසුවක් ම පොලවේ ගහන එකද හොඳ?? පිළිගත් ඔරලෝසු කාර්මිකයෙක්ට දීල හදාගන්න එකද හොඳ?????


    ReplyDelete
    Replies
    1. ඔබ විසින් මා වෙත තවත් ලිපියක් ලිවීමට මාතෘකාවක් ලබා දීම පිලිබදව ම මුලින්ම ඔබට ස්තුති වන්ත වන අතර ඔබට අවශ්‍ය පිළිතුර මා එම පොස්ට් ඒකෙන ලබා දීමට බලා පොරොත්තු වෙමි.......

      Delete
    2. soda ගුනේ වැනි අයගේ අඩුව අද සමාජයට තදින්ම දැනී ඇත..මා අද මූනු පොතේ පල කල එක් ලිපියක් මෙහි පල කරන්නම්....තරමක අදාලතාවක් එහි පවතී

      [ඇසට නොපෙනෙනදේට ප්‍රිය කිරීම අතීතයේ සිටම මිනිසා බොහෝ සෙයින් ඇලුම් කරන්නක්....අපේ ඇසට හෝ වෙනයම් උපකරණයකට හෝ ගෝචර නොවන පමණින්ම එසේ යමක් නොපවතී යන දැඩි මතයකට එලබීම වැරදි සහගත උවත් ,විවිධ මිනිසුන් විසින් තම මනෝ භාවයන් හා තම තමන්ගේ දැනුම් මට්ටම්, පාරම්පරික දායාදයන් ,සාමාජ වටපිටාව ආශ්‍රය කරගෙන සිදුකර ඇති, හුදු විස්වාසයෙන් පමණක් පිලිගත යුතු ප්‍රකාශන් සත්‍යන් ලෙස හුවා දැක්වීම ඉතා බරපතල තතවයකි...
      මිනිසා ආගම්,අතීන්ද්‍රීය කරුණු,අදෘශ්‍යමාන බලවේග වැනි කිසිදා තර්කයට,චින්තනයට බදුන් කල නොහැකි දේ සමීප කරගැනීමට ප්‍රධානතම හේතුව ලෙස සමාජ විශ්ළේශකයින් පෙන්වාදෙනේ,තමාට වඩා ඉහලින් යම් බලවේගයක් පවත්වාගැනීමේ පරම ආශාවයි...කුඩාකල දෙමව්පියන් හෝ අන් වැඩිහිටියෙකුගෙන් ලැබෙන මෙය පසුකාලීනව නොලැබීයාම හෝ ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන් මේවා පසුපස වේගයෙන් හබා යාමක් දක්නට ඇත...කෙසේ නමුදු සත්‍ය දකිනතුරු සෑම දෙයක් පිලිබදවම විමසිලිමත් වීම සාර්ථක ලෙස ජීවිතය ගෙන යාමට ප්‍රමාණවත් වේ...
      උදාහරණ ලෙස කිසියම් රෝගියෙක් සදහා සිදුකරන විදිමත් ප්‍රතිකාර ක්‍රම වලට අමතරව,බෝධි පූජා,තොවිල්,ශාන්තිකර්ම වැනි දෑ කිරීමට මිනිසා වඩාත් නූතනයේදී පෙලබී ඇත්තේ මන්දැයි පැණයකි.මෙතරම් දියුණු යුගයක පසුවන අප කිසිදු හරයක් හෝ පලයක් නොමැතිදේ පසුපස හබා යාම කිසිසේත් අනුමත කල නොහැක..මෙහි භයානක තත්වය නම් යම් කිසි තාර්කික ප්‍රවේශයකට අනුව හැසිරෙන පිරිස් පවා මේව ඉතා වටිනා දේ ලෙස ආරක්ශා කිරීමයි..(මා මෙහිදී ආගම් යන වචනය යොදා ගත්තේ ඒ ඒ ආගම් තුල ගැබ් වී ඇති දර්ශනය හෝ ශාස්තෘවරු ගැරහීමට නොවන බව සලකන්න...ආගමට වඩා දර්ශනය වටිනා බව සලකනු මැන!)

      Delete
    3. උදාහරණ ලෙස කිසියම් රෝගියෙක් සදහා සිදුකරන විදිමත් ප්‍රතිකාර ක්‍රම වලට අමතරව,බෝධි පූජා,තොවිල්,ශාන්තිකර්ම වැනි දෑ කිරීමට මිනිසා වඩාත් නූතනයේදී පෙලබී ඇත්තේ මන්දැයි පැණයකි.මෙතරම් දියුණු යුගයක පසුවන අප කිසිදු හරයක් හෝ පලයක් නොමැතිදේ පසුපස හබා යාම කිසිසේත් අනුමත කල නොහැක..මෙහි භයානක තත්වය නම් යම් කිසි තාර්කික ප්‍රවේශයකට අනුව හැසිරෙන පිරිස් පවා මේව ඉතා වටිනා දේ ලෙස ආරක්ශා කිරීමයි..


      ඔබගේ ඉහත ප්‍රකාශය අනුව මාහට කිව හැක්කේ...අද සමාජයේ මේදේ විශ්වාස කරන අනෙත් ජනය ඔබ තරම් තාර්කික බුද්ධිමට්ටමක නොවන අය බැවින් ඉහත දේ විස්වාස කරන බවකි..
      එබැවින් ම ඉදිරිපත් කර ඇති මේ ලිපිය ඔබට වඩා අඩු බුද්ධි මට්ටමක ඇති මා හා මෙම අඩ හීම කරන අනෙත් ජනයාට වැදගත් වන්නට ඇති මට විශ්වාසයක් ඇතිවිය....සමහර විට කිසියම් රෝගියෙක් සදහා සිදුකරන විදිමත් ප්‍රතිකාර ක්‍රම වලට අමතරව,බෝධි පූජා,තොවිල්,ශාන්තිකර්ම වැනි දෑ කිරීමට මිනිසා වඩාත් නූතනයේදී පෙලබී ඇත්තේ මේ දේවල් වලින් මිනිසුන්ට කිසිම හරයක් නොමැති නිසා වෙන්නට ඇති.....

      Delete
  4. මමත් ආසාවෙන් කියෙව්වේ..........අදමයි මේ පැත්තට අවේ

    ReplyDelete
    Replies
    1. තවත් වැදගත් පොස්ට් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා...ආයේ ඇවිත් යන්න එන්න..සතුටින් පිලිගන්නවා සහෝ....

      Delete
  5. අදමයි මේ පැත්තට ආවේ. බොහොම ආසාවෙන් කියෙව්වා දුර්ලබ ගනයේ ලිපියක් ස්තූතියි යාළුවා ඔන්න ආයෙම එන්න පාර මතක තියාගත්තා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අනිවාර්යෙන් එන්න..සතුටින් පිළිගන්නවා යාළු....

      Delete
  6. Replies
    1. ආයේ ඇවිත් යන්න එන්න සතුටින් පිළිගන්නවා යාළු....

      Delete
  7. ආසාවෙන් කියෙව්වා.
    මට නම් මෙච්චර කාලෙකට යන්තර දාලා නෑ කවමදාවත් යන්තරයක් දාගන්න මගේ කැමැත්තකුත් නෑ.
    මේ තියෙන ජීවේ හොඳටම ඇති මට. :)

    ReplyDelete
    Replies
    1. ඔවු සහෝ....අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා වැඩක තමයි මේක.....

      Delete
    2. මමත් කවදාවත් යන්තරයක් දාලා නම් නැ... හැබැයි යන්තර වල බලයක් නැ කියන්නත් බැ හැබැයි අද නම් ගොඩක් තැන් වල කරන්නෙ බොරුව අන්න එතනයි තියන අව්ල.. වටිනා විස්තර ටිකක් දැන ගත්තෙ කලින් අහලා තිබුන් නැ...:D

      Delete
    3. ඇත්ත මචෝ ...මමත් මේ බ්ලොග් එක ලියන්න පන්නන්න ගත්තමයි මේකේ ඇතුල් පැත්ත දැක්කේ...වැඩේ වෙලා තියෙන්නේ මේ සාස්තරෙත් උබ කියපු විදියට හොරු අතට ගිය එකයි.....

      Delete
  8. ෂා.. ඒක නම් මරු ලිපිය.මං නම් මන්ත්‍ර සම්බන්ධයෙන් ඉන්නේ මධ්‍යස්ථ මතයක.මොකද මගේ ඉදිරිපිට කෙනෙක් මන්ත්‍රයකින් පොඩි යමක් කරලා තියෙනවා.සමහර කපුවන්ට බෑ.ඒ නිසා මේවා එක හෙලා බැහැර කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ වගේ අත්දැකීම් ලැබුවා කෙනෙක්..එකයි මටත් මේ ලිපිය ලියන්න හිතුනේ.....ඇත්තටම ශාස්ත්‍රය දන්න ටික දෙනයි ඉන්නේ...නමුත් ඒ අය වෙන කරගන්නේ කොහොමද කියන එකයි මේකේ ගැටලුව වෙලා තියෙන්නේ සහෝ....

      Delete
  9. මේක ලියපු එක නම් ගොඩාක් හොදයි...ඔය කියන යලුවත් මොකක් හරි මේ සම්බන්ද අද්දැකීමක් ලබල තියනව කිව්ව නේද?පොඩක් ඒක විස්තර කරනවද?මට නම් කියන්න තියෙන්නෙ මේව අපේ ඉතිහාසයට නම් හොදයි,වෙන යමක් නෑ කියල

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එහෙම කිරීමක් අවශ්‍ය වන්නේ නැත..එය ඔහුගේ පෞද්ගලික අත්දැකීමකි...

      Delete
  10. අදයි දැන ගත්තේ යන්තර වලට අමනුස්සයෝ බැදල දානවා කියලා... හිතාන සිටියේ වෙන එකක් .........

    ReplyDelete
  11. අදයි දැන ගත්තේ යන්තර වලට අමනුස්සයෝ බැදල දානවා කියලා... හිතාන සිටියේ වෙන එකක් .........

    ReplyDelete