
කවියක් ලියන්න දවස් ගානක් උත්සාහ කරා..ම්ම්හ්...කිසිම කවි සිතුවිල්ලක් එන්නේ නෑ ...එක එක කොළ කෑලි වල ඔහේ ලියුව.. කිසිම ගැලපීමක් නෑ...අනේ මන්ද....මම හිතන්නේ වේදනාව කියනදේ හිතෙන තුරන් වෙලා වෙන්න ඇති...මොකද වේදනාවත් එක්ක ගොඩාක් හැගීම් ගලාගෙන එනවා.ජීවිතේට කවියක් ලියපු නැති මම පලවෙනි වතාවට කවියක් කීවේ එයා මගෙන අත්වෙනවා දැනුන දුකට.මම කවියක් කියන දෙයක් කියෙවුවනම් කියෙවුවෙ O/L වලට ඉස්සර සිංහල වලටයි බුද්ධාගමටයි පොතේ තියන ඒවා විතරයි....අන්තිමට විරහ වේදනාවට ලස්සන කවි කියවෙනවා..සින්දුවක් අහද්දිත් ඒ සින්දුව මටම කියනවා වගෙයි දැනෙන්නේ..
හිත කියන්නේ මහ පුදුම දෙයක්..ටික කාලයක් යද්දී වේදනාවන් වලට හුරු වෙනවා...එහෙම නැත්නම් ඒ වේදනාව දැනෙන්නේ නැතිව යනවා..මම මේ දේ එයාට කීව මගේ ආදරේට මෙච්චර වේදනා දෙන්න එපා කියල...මොකද වේදනා විදලා ඇති වුනාම එයාගේ ආදරෙන් මට වැඩක් නැති වෙන නිසා..ඊට පස්සේ වෙන්නේ පිළිකුල විතරයි..මොකද මම ක්‍රීඩකයෙක්...මට ජය පරාජය දෙකම හුරුයි....එයාගේ නිදහස හොයාගෙන අවුරුදු ගානක ආදරේ එයාට අමතක කරන්න පුළුවන් උන වෙලාවේ මම හිතුවේ මගේ මුළු ජීවිතේම නැති වුන කියලයි..ඒ පරාජය මට භාර ගන්න ගොඩාක් දුක විදින්න වුනා. ඒ ඇයි කියලනම් මට තේරෙන්නේ නෑ..එත් මම හැම උත්සාහයක්ම ගත්ත ආයේ මගේ ජයග්‍රහණය ලබා ගන්න දවස් ගණන් නිදි නැතිව ,ඇගට කෑමක් නැතිව ඇස්වල කඳුළු පුරෝගෙන දුක වින්ද කෝට්ටේ පෙගෙනකන් ඇඩුව.මගේ වේදනාව එයාට එදා විහිළුවක් වුනා....නමුත් ඒ හැම වේදනාවක්ම දවසෙන් දවස මාව ශක්තිමත් කරා මගේ හිත හදාගන්න....
එයාට නැතිවුනේ නිකම්ම නිකන් කොල්ලෙක් නෙවෙයි..එයාට පන වගේ ආදරේ කරපු කොල්ලෙක්...එයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති කෙනෙක් කියන එක එයා දන්නවා...දවසක එයා හොයන නිදහස එයාව විනාශ කරන්න පුළුවන් කියන එක තාම එයාට තේරෙන්නේ නැතිව ඇති...අපි දෙන්නව ඈත් කරන්න එයාගේ යාළුවො කියල කියන අය ගොඩක් ඉවහල් වුනා කියන එක මම දන්නවා..මම එයාලට ශාප කරන්නේ නෑ මගේ ආදරේ විනාශ කරාට..දවසක මේ ලෝකේ අපායක් උනොත් එයාට අපිව වෙන් කරපු ඔය කියන යාලුවන්ටම එයාලගේ ජීවිතේම ශාපයක් වේවි...
මට තියන එකම දුක ජීවිතේ කවදා හරි දවසක එයාට මාව උවමනා වුනොත් මට එයාගේ දිහා හැරිලාවත් බලන්න බැරි තරමට මම එයාගෙන් ඈත් වෙන ඒකයි....
මොකද මම හැමදාම ජයග්‍රහණයට උත්සාහ කරේ කුසලානයක් ගන්න මිසක් පඩික්කමක් ගන්න නොවෙන නිසා..