දනිමි මම ලඳේ නුඹ
නිසළ සිරුර දෙස
කඳුළු සඟවා බලා සිටින්නේ ඇයි කියා .....
මේ බවේ නොලැබුණු ඔහු මතු බවේ
ඔබේම වේවායි සිතා නොවේද .................
ඇය දරුවන් සමග වලපුනත් කෑ ගාසා
නුඹට නොහැක අද එසේ වැලපෙන්නට
හදේ කකියන වේදනාව නුඹ ඉවසන්නට නොවේද
සිරුර ඉදිරියේ ඇති පහනට වරින් වර
තෙල් බිදක් දමන්නේ .........................
නුඹට නොහැක සොයුරියේ පොළොවේ හැපෙමින්
කෑගසා හඩා වැලපෙන්නට .........
අද ඔහු හැරගොස් හමාරය .........
සුසුමක් හෙලා සැනසෙන්න මේ කුරිරු ලෝකයේ
තනි වූ ඔබ..............................
කිසිදා ලගා කරගත නොහැකි
අහිංසක ස්වප්නයක පැටලී
සිත් පිත් නැති කුරිරු ලෝකයේ අතරමංව
අසම්මතයේ පෙම් කවිය ලියූ
නැගණියේ..........
අද නුඹට කඳුල විතරමය.....
අද නුඹට කඳුල විතරමය.....
එයද හොර රහසේම වන්නේය...........
හොර රහසේම වන්නේය..........
wow... හරිම අපූරුයි.. මගෙත් අසම්මත පෙමක් ගැන ලියපු කවියක් තියෙනවා..වෙලාවක බ්ලොග් එකේ දාන්න ඕනේ.. :)
ReplyDelete