නුඹ දුටු මුල් දිනේ
මෙලෙස මා හද
මෙලෙස මා හද
කිමද ගොළු වුනේ ...............
දනිමි සත්සුදක්සේ
නොමැති බව අප
හමුව මේ බවේ .....................
නමුදු තෙපුලන වදනක්
සමීපයි නුඹ
මට හැම වෙලේ ..................
කව්ද ලඳේ නුඹ පෙර බවේ
මගේ හද තුල
ලැගුම් ගත්තේ මේ බවේ ............
කිසි දිනක මා හට
නොහැකි වේවිද
කරනට අමතක නුඹ .................
දැනෙන්නේ බියකි හදවතට
මෙය තවත්
වේදනාවක ඇරඹුමක් වේවිද....................
හරිම ලස්සනයි යාළු! :)
ReplyDeleteතැන්කූ යාළු
Deleteඅයි හේට් ලව්ස්ටෝරීස් තමා..
ReplyDeleteඔයා හරි යාළු.. මටත් දැන් ටික ටික එහෙම වීගෙන එනවා තමා..
Deleteතැන්ක්යූ මේ පැත්තේ ආවට යාළු...
හ්ම්ම්.... ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහා කණමැදිරි එළියටත් බයයිලු නේ.. ඒ වගේ තමා..අගේ ඇති කවියක්.. once bitten twice shy...
ReplyDeleteමටත් එක්කමද කීවේ.. හිහිහ්....
Deleteමම කිව්වේ ඉතින් සාමාන්‍යයෙන් වෙන දේ.. හික්ස්.. :)
Delete