සේද මීදුම් මාවතේ හද ස්වප්නයක නෙතු පැටලිලා
හදෙහි ගිනි කඳු පිපිරෙමින් නෙතු කඳුළු ලෝදිය ගලනවා
එදා මතකයේ සිහින වැල් අද නොනිදාම නෙතු මැවෙනවා
දුටුව සිහිනේ එදා දවසේ හදේ තැන තැන දුවනවා.........
නොසිත සිටියත් ඇයි අතීතයේ තුෂර පිණි බිඳු ගලන්නේ
හදවතට ඇයි තට්ටු කර මේ ඉකි බිදුම් මට ගෙනෙන්නේ
අඳුරු රෑ නුබ කුසේ තරු වැල් මැකී වියැලී සැලෙන්නේ
අඳුර කැටයම් සදා නුඹේ රුව හඳේ ගෙත්තම් කරන්නේ .......
හිතේ අහුරපු එදා මතකය වේදනාවකි ගෙනෙන්නේ
සිනහ කඳුළැල් එලව දමලා දුක සුසුම් මැද සිටින්නේ
රැහැයියන් නෑ කෑගසන්නේ ලොවම නිසලව තිබෙන්නේ
ඈත මීදුම් අතර නුඹේ රුව ළඟ සිටින ලෙස පෙනෙන්නේ .......
අතීතය නුඹ යලි යලිත් විත් කඳුළ උරුමය කරයිනම්
ලොවම හිනැහෙන විටත් මගේ සිත දුකින් ගිනිගෙන දැවෙයිනම්
සැනසුමක් නැති ලෝකයේ මා තනිව ඉකිබිඳ හඬයිනම්
කිසිවෙකුට නොකියාම රහසේ අන්දකාරේ මියෙන්නම් ...........
ඔබගේ කමෙන්ටුව මගේ ඉදිරි මාවතම වේවි.............
No comments:
Post a Comment